IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොර බීිඩි තොගයක් සමග අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ බීඩි තොගයක් කුරුඳු මිටි අතරේ සඟවා කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දී අද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි

එම සැකකරු සමඟ පාර්සල් 120 ක අඩංගු බීඩි 48000ක් හා ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

තම වෙළඳ නාමය මෙන්ම ඊට යොදන ලාංඡන භාවිතා කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කිරිමේ ජාවාරමක් සිදුවන බවත් එලෙස නිෂ්පාදනය කරන ලද බීඩි පුද්ගලයකු ලොරි රථයකින් බෙදාහරින බවට බීඩි නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන සමාගමෙන් බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ලද රහසිගත තොරතුරු අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

ප්‍රවාහන යොදාගත් ලොරි රථය තුළ පිටතින් බැලීමේදී කිසිදු සැකයක් ඇති නොවන අයුරින් කුරුඳු ගබඩා කර තිබූ බවත් ව්‍යාජ බීඩි තොගය ඉතා සූක්ෂම ලෙස කුරුඳු අතර සඟවා තිබූ බව පොලිසිය කියයි

 

 



අදහස් (0)

හොර බීිඩි තොගයක් සමග අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site