IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඩෙංගු බෝවන අයුරින් වැඩබිම්-නිවාස පවත්වාගෙන ගිය 37 කට නඩු

(රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු කීටයන් බෝ වන ආකාරයට සිය නිවාස සහ වැඩබිම් පවත්වාගෙන ගිය 37  දෙනෙකුට රතු නිවේදන නිකුත් කර 9 දෙනෙකුට නඩු පවරා 28 දෙනෙකුට දඩ ගැසීම් සිදුකල බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොදිගු මහතා අද (12) පැවසීය.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ඇති වී ඇති අයහපත් වැසිබර කාලගුණික තත්ත්වයත් හමුවේ ඩෙංගු රෝගය හිස එසවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා පැවසීය.

කොරෝනා වසංගතය නිසා ඩෙංගු අමතක වූ තත්ත්වයක් ප්‍රදේශ රැසක දක්නට ලැබුණු බව සඳහන් කරන ඒ මහතා අලුතෙන් නිවාස ඉදි කරන  වැඩබිම් වල මඳුරැ කීටයන් ඇති වන ආකාරයට ජල තටාක පවත්වාගෙන ගොස් තිබූ බව පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතාගේ උපදෙස් වලට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව සඳහන් කරන ඒ මහතා මේ සඳහා එකකට සාමාජිකයන් විස්ස බැගින් වු ඩෙංගු වැටලීමේ කණ්ඩායම් 12ක් යොදා ගත් බව පැවසීය.

කන්දවත්ත,පිටකෝට්ටේ,නාවල යන ග්‍රාමසේවා වසම් තුනක නිවාස පන්සියයක් පමණ මෙසේ පරීක්ෂාවට ලක් කළ බව ඒ මහතා පැවසීය.



අදහස් (0)

ඩෙංගු බෝවන අයුරින් වැඩබිම්-නිවාස පවත්වාගෙන ගිය 37 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site