IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බවුසරය-ජීප්රිය ගැටී අයෙක් මරුට:5ක් රෝහලේ

 ( එම්.සුසිල් ප්‍රියන්ත)

බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාලු පාරේ බවුසරයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී එක් අයෙක් මිය ගොස් 5දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ අනතුරින් මියගොස් ඇත්තේ අනතුරට ලක්වූ ජීප් රථය ධාවනය කළ පානනදුර මන්ඩාවල පදිංචි පනස් හැවිරිදි ඇලපාත කංකානම්ගේ ජනක යසේන්ද්‍ර නමැත්තෙකි.

මේ රිය අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත්  කාන්තාවක් ,තරුණියක් හා පිරිමි අයෙක්ද බවුසරයේ රියදුරා ,රිය සහයක යන පස් දෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවත් එයින් ජීප් රථයේ ගමන් ගත් තිදෙනාගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් තිදෙනාම කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවද පොලීසිය කියයි.

බවුසරයේ රියදුරු සහ රිය සහයක බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.

කොළඹ දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් තිබූ ජීප් රථයක් හා ගාල්ල දෙස සිට කොළඹ දෙසට යමින් තිබූ බවුසරයක් මෙසේ මුහුණට මුහුණ ගැටී මේ මාරක අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. 

මේ අනතුරින් ජීප් රථය පොඩිපට්ටම්වී තිබූ අතර බවුසරයේ ඉදිරිපසටද බරපතල හානි සිදුවී තිබේ.

           

 



අදහස් (0)

බවුසරය-ජීප්රිය ගැටී අයෙක් මරුට:5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site