IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගංවතුරෙන් රත්නපුර පවුල් 2,361 ක් අවතැන්

(අජිත්ලාල් ශාන්තඋදය)

අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කෙට්ඨාස 13ක ග‍්‍රාමනිලාරී වසම් 133කට බලපෑ ගංවතුර හේතුවෙන් පවුල් 2,361ක පුද්ගලයින් 9,504 දෙනෙකු ආපදාවට ලක්වු බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය කීවාය.

කොලොන්නේ එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර දිස්ත‍්‍රික්කයේ අර්ධහානි වු නිවාස ගණන 186කි. වෙනත් දේපල හානි 09ක් වාර්තා වී ඇති බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.

කුරු, දෙනවක්, නිරිඇලි, වේ, ගලගුර, කුකුළේ යන ගංගාවල ද ජල මට්ටම් එදින ඉහළ ගියේය. රත්නපුර පානදුර , කලවාන මතුගම ප‍්‍රධාන පාරවල් ද, ජලයෙන් යටවිය. රත්නපුර නගරයේ පුලූ`ගුපිටිය, බණ්ඩාරනායක මාවත, ග`ගඅද්දර පාර, බෝධිරාජ මාවත, මුද්දුව, මුවගම, අංගම්මන, වෙරලූප, ගොඩිගමුව ආදී ප‍්‍රදේශවල නිවාස මාර්ග රැුසක් ද, රත්නපුර මූලස්ථාන පොලීසියට යන මාර්ගය ද ජලයෙන් යටවිය.

රත්නපුර, කලවාන, අයගම, නිවිතිගල, පැල්මඩුල්ල,  කුරුවිට, ඇහැලියගොඩ, ගොඩකවෙල, ඉඹුල්පේ, කොළොන්න, කිරිඇල්ල, ඇලපාත සහ ඉඹුල්පේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වයන් ඇතිවිය.

 

 



අදහස් (0)

ගංවතුරෙන් රත්නපුර පවුල් 2,361 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site