IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙඩි වැදි ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්න මිය යයි

(නිහාල් ජයවීර )

වෙඩි තැබිමකින් මරණීය තුවාල ලබා දින 9ක් ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්නක මියගිය බව ගල්ගමුව වන ජීවි කාර්යාලය කියයි .

ගල්ගමුව , මහනාන්නේරිය ප්‍රදේශයේ මහනාන්නේරිය මහා විද්‍යාලය පිටුපස ගෙවත්තක වැටි සිටියදී ඉකුත් තුන් වැනි දා මේ ඇතින්න සොයා ගත් බව වන ජීවි නිලධාරිහු පවසති .එදින සිට ඇතින්නට ප්‍රතිකාර කළ බවත් ,මරණීය තුවාල හා ආහාරපානාදිය ලබා ගැනීමට නොහැකි වීමෙන් ඇතින්න මියගොස් ඇති බවත් වන ජීවි නිලධාරිහු කියති .

අවුරුදු තිස් පහක් පමණ හා උස අඩි අටක් පමණ වන මේ ඇතින්නගේ ගෙල පෙදෙසට වෙඩි වැදී සුසුම්නාවට හානි සිදුව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව වන ජීවි නිලධාරිහු පවසති .

වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්  වන දිනුෂා සිල්වා ,ඉසුරු හේවා කෝට්ටගේ යන මහත්ම මහත්මීහු තුවාල ලබා සිටි ඇතින්නට ප්‍රතිකාර කිරීමට කටයුතු කළහ .



අදහස් (0)

වෙඩි වැදි ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්න මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site