වනජීවි නිලධාරීහු පාරට බසිති කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබානොදිමට විරෝධය පළ කරමින් වනජීවි නිලධාරිහු අද (07)සිට ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්ව සිටිති. 07 July 2021
‘පින්වත්තේ උජියා‘ හෙරොයින් සමඟ මාට්ටු පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරු වන ’’පානදුරේ සලිදු’’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ’’පින්වත්තේ උජියා’’ නමැත්තා රුපියල් ලක්ෂ 80 කට අධික වට්නාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අද (06) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි 06 July 2021
ගාල්ලේ බස් සේවකයෝ පාරට බසිති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු දිසාවේ මගී ප්‍රවාහන බස් රථවල හිමිකරුවන් සහ ඒවායේ සේවකයෝ අද (6) උද්ඝෝෂණයක් අම්බලන්ගොඩ බස් නැවතුම් පොළඉදිරි පිටදී පවැත්වූහ. 06 July 2021
අම්බලන්ගොඩ නගරසභාව උණුසුම් වෙයි මාසික සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් අද (6) උදේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම ආරම්භ කොට විනාඩි 10 කින් පමණ අවසන් කිරීමට සභාපති අරුණ ප්‍රදීප් මහතාට සිදුවිය. 06 July 2021
හිංසාකාරි ලෙස ගවයින් රැගෙන ගිය දෙදෙනක් පොලිස් දැලේ බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය කියයි. 06 July 2021
නාඳුනන මළ සිරුරක් අ‘පුර වැව් බැම්මක අනුරාධපුර ශාන්ත ජෝෂොප් දෙව් මැදුර ඉදිරිපිට වැව් බැම්මේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව අනුරාධපුර පොලිසිය පවසයි. 06 July 2021
වෙනිවැල්ගැට හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් තුන්සිය පනහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (06) අලුයම කලවාන අඩවි වන කාර්යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 06 July 2021
එන්නත් කරණය හමුදාවට දුන්නාට පොලොන්නරුව සෞඛ්‍යයේ පිරිසක් කිපෙති කොරෝනා මර්දන එන්නත මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල ත්‍රිවිධ හමුදාවට බාරදී ඇති හෙයින් තමන් එම එන්නත්කරණ වැඩපිළිවෙලින් අද (05) සිට ඉවත්වූ බව අනුරාධපර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සහ වසංගත රෝග විද්‍යා ඒකකවල වෙද්‍යවරු පවසති. 05 July 2021
මිරිහානේ ගණිකා නිවාසයක් වටලා 14 ක් අත්අඩංගුවට මිරිහාන , පාගොඩ පාර, ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 11 ක් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාරවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. 05 July 2021
අතුරුදන් වු පුද්ලයාගේ සිරුර වැසිකිළි වළක කොස්ලන්ද ඌවමාවෙලගම ඕක්ෆීල්ඩ් වත්තේ දී අතුරුදන්වූ 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (5) කොස්ලන්ද කැළි පනාවෙල ප්‍රදේශයේ වැසිකිළි වළක තිබී හමුවූ බව කොස්ලන්ද පොලීසිය කියයි. 05 July 2021
කටුනායක වෙළඳ කලාපයේ කොරෝනා රෝහලක් විවෘත කරයි කටුනායක නිදහස් වෙළදකලාපය ආශ්‍රිතව දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිත රෝගීන්ට සහනයක් ලෙස අත්‍යාවශ්‍යවම තිබූ කොරෝනා රොහලක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී අද(05) විවෘත කෙරුණි. 05 July 2021
මත්කුඩු තොගයක් සමඟ 5 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 21 ට අධික වටිනවා මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 05 July 2021
පොහොර ඉල්ලා හිඟුරක්ගොඩත් උද්ඝෝෂණ පොහොර සහනාධාරය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. 05 July 2021
මිටියාගොඩ කුරුදු ගොවීහු පාරට බසිති සිය වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (5) කුරුදු ගොවීහු මීටියාගොඩදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. 05 July 2021
මියගිය කඳුකර කොටියෙක්ගේ සිරුරක් හමුවෙයි ඩයගම පොලිස් වසමට අයත් ඩයගම ග්ලාස්ගෝ වතු යායේ තෘණ භුමියක තිබි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තිබි (04) දින හමු වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා පැවසිය. 04 July 2021
හබරාදුවේ නිවාස -මාර්ග ජලයෙන් යටවෙයි ගාල්ල හබරාදුව ප්‍රදේශයට අද (04) ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ලියනගොඩ ඇළ මාර්ග අවහිර වීමේ හේතුවෙන් පිටාර ගලා නිවාස කීපයක්ම ජලයෙන් යටවී ඇතැයි ගාල්ල ආපදා කලමනාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය. 04 July 2021
වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මරුමුවට පත්වූ පුද්ගලයාට කොව්ඩ්-19 ආසාදනයවූ බවට අද (4) තහවුරුවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 04 July 2021
බුරු පොළක් වටලා 6 ක් අත්අඩංගුවට පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටී පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි 04 July 2021
කන්න බැරි හාල් කිලෝ 3325ක් වනසයි කැකිරාව,තිබ්බටුවැව සහල් මෝලක තිබියදි අත්අඩංගුවට ගනු ලැබු භාරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ 3325 ක් අධිකරණයේ නියෝගයක් මත කැකිරාව අධිකරණ භුමියේදි විනාශ කර දැමු බව භාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 04 July 2021
යතුරුපැදි කරුගේ මරුවා ටිපර් රියෙන් එයි බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි. 04 July 2021
තෙල් අස්සේ ගංජා ඇදලා ඉන්ධන ප්‍රවාහන බවුසරයක සඟවාගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 04 July 2021
පොහොර හිඟයට විසඳුම් ඉල්ලා පිටිගල උද්ඝෝෂණයක් ඉහළ දමන ලද ඉන්ධන මිල වහාම අඩු කරන ලෙසත් උද්ගතව ඇති පොහෝර හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කිරීමේ දැවැන්ත උද්ඝෝෂණයක් අද (4) පිටිගල නගර මධ්‍යයේදී පැවැත්විණ. 04 July 2021
පුපුරා නොගිය ආර් පි ජී උණ්ඩ 3 ක් මුලතිව් ළිදක මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ ගෙවත්තක ළිඳක තිබී පුපුරා නොගිය ආර්.පී.ජී. උණ්ඩ 03 ක් තිබී සොයාගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 04 July 2021
වැලි වළක පාවෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ වැලි වළක ජලයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3) සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 03 July 2021
පරිපුරක වෛද්‍ය සේවාවේ වර්ජනයෙන් ජනතාවට අපහසුතා සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට එරෙහිව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් අංශයන්හි කාර්ය මණ්ඩලය අද (3) උදෑසන සිට සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීන් ඇතුලු ජනතාවට අපහසුතාවයකට පත්වීමට සිදුව තිබිණි. 03 July 2021
කලවාන සතිපොළ යළි විවෘත කරයි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසා දමා තිබූ කලවාන සතිපොල අද ( 03) වනදා සිට නැවත ආරම්භ කල බව කලවාන ප්‍රාදේශීය සභාව පැවසීය . 03 July 2021
කලමැටිය ධීවරයෝ විරෝධතාවක ආණ්ඩුව විසින් ඉහළ දැමූ ඉන්ධන මිල පහත හෙලන ලෙසට බල කරමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (03) පෙරවරුවේදී කළමැටිය ධීවර වරාය ඉදිරිපිටදී පැවැත්විණි. 03 July 2021
වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනයට කූරගල පිංකම් රැසක් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කූරගල ඓතිහාසික පුද බිමප්රතිනිර්මාණය කිරීමේ පුරෝගාමී වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් රැසක් කූරගල පුදබිමේ දී සිදු කෙරුණි. 03 July 2021
මැදිරිගිරියේ ගොවියෝත් පාරට බසිති ගොවිජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය ලබා දී බඩු මිල, ඉන්ධන මිල වහා අඩු කරන ලෙසට බලකරමින් මැදිරිගිරිය නගරයේ අද විරෝධතා පාගමනක් පැවැත්විණි. 02 July 2021
වල්අලි ප්‍රහාරයෙන් එක්දරු පියා මරුට මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 02 July 2021
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026