(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ ගෙවත්තක ළිඳක තිබී පුපුරා නොගිය ආර්.පී.ජී. උණ්ඩ 03 ක් තිබී සොයාගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
ඉඩම් හිමියා විසින් සිය ගෙවත්තේ තිබූ පාලු ඉඩම පිරිසිදු කිරීමේදී ළිඳෙ තිබූ අදාල ආර්.පී.ජී. උණ්ඩ හමු වී ඇති අතර පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල ස්ථනයට පැමිණ සිදුකරන ලද සෝදිසියකදී ආර්.පී.ජී උණ්ඩ තොගය ගොඩට ගෙන ඇත.
අදාල ආර්.පී.ජී. උණ්ඩ යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ළිඳට දමා ගොස් ඇති බවට එම උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd