(ක.ග.කරුණාරත්න)
කොරෝනා මර්දන එන්නත මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල ත‍්‍රිවිධ හමුදාවට බාරදී ඇති හෙයින් තමන් එම එන්නත්කරණ වැඩපිළිවෙලින් අද (05) සිට ඉවත්වූ බව අනුරාධපර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සහ වසංගත රෝග විද්‍යා ඒකකවල වෙද්‍යවරු පවසති.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 22ක් සහ අනුරාධපුර මහ නගර සභාවේ එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක්ද වන අතර වසංගත රෝග විද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනාද ඇතුලූව එම දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරු 25 දෙනකු එන්නත්කරණ වැඩ පිලිවෙළින් ඉවත්ව ඇති බව කියති.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගණන 08කි.ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ එක් වෛද්‍යවරයකු සිටින අතර ඒනුව එම දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරුන් 09 දෙනකු අද සිට එන්නත්කරන වැඩපිළිවෙලින් ඉවත්වී ඇත.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත දෙවන මාත‍්‍රාව මේ මස 05 වෙනි දින සිට 11වෙනි දින දක්වා මහජනතාවට ලබාදීමට නියමිතව තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට අවශ්‍ය මේ වැඩ සටහන අවුල් කරන්න. තමන්ගේ අතේ සියල්ල තියාගෙන රජයෙන් ඉල්ලීම් ඉල්ල ඉල්ලා මහ ජනතාව අපහසුතාවට පත් කරන්න. මෙහෙමත් මනුස්ස කොට්ඨාසයක් ඉන්නේ අපේ රටේම වෙන්න ඇති..