(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අංක 320, පහළ කොටස සමගිපුර ලිපිනයේ පදිංචි වීරකෝන් මුදියන්සේලාගේ විජේරත්න නමැති වයස අවුරුදු 51 වන ඒක්දරු පියෙකි.
මෙම පුද්ගලයා හිතවතකු සමග රාත්‍රී 11.30 පමණ දහම්වැව ප්‍රදේශයේ කුඹුරට යමින් සිටියදී ඒ් අතරමගදී මෙම වල් අලි ප්‍රහාරයට ගොදුරුවී ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේදීම ඔහු රෝහල් ගතකිරීමට උත්සහ ගත්තද ඒ් වන විටත් බරපතල තුවාල ලබා ඔහු මිය ගොස් සිටි බව ගම්වාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd