( සමන් පාලිත නානායක්කාර )
කොස්ලන්ද ඌවමාවෙලගම ඕක්ෆීල්ඩ් වත්තේ දී අතුරුදන්වූ 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (5) කොස්ලන්ද කැළි පනාවෙල ප්‍රදේශයේ වැසිකිළි වළක තිබී හමුවූ බව කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොස්ලන්ද ඌවමාවෙලගම ඕක්ෆීෆීල්ඩ් වත්තේ පදිංචිව සිටි කන්දයියා නාගේස් ( 39) නමැති අවිවාහක පුද්ගලයෙකි.
ඔහු ඉකුත් පලවෙනි දින සිට නිවසින් පිටව ගොස් අතුරුදන්ව සිටි බවට ඥාතීන් පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මෙම සිරුර කැලිපනාවෙල පාළු ස්ථානයක පිහිටි වැසිකිලි වළකට දමා උඩින් පස් වලින් වසා තිබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd