IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අකුරැස්ස නගරයේ පැවැති උද්ඝෝෂණයකින් 13 ක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ එන්.කේ.ඉන්ද්‍රවංශ)

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අකුරැස්ස නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වු බව කියන දකුණු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු අද (08) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.

එලෙස අත් අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් හා අජන්ත ගම්මැද්දගේ යන මහත්වරු විය.

ඉන්ධන මිල ඉහල දැමීම,ජීවන බර වැඩි වීම,පාසල් දරුවන් සැමට නිසි ඔන්ලයින් අධ්‍යාපනයක් හිමි නොවීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගෙන රජයට විරුද්ධව එම විරෝධතාවය පැවැත්වූයේ අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම් පොල ඉදිරිපිටදීය.

රටේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් මහජන එක්රැස්වීම් හා උද්ඝෝෂණ තහනම් කර තබෙන බව පොලීසිය එහිදී විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේය.

එම නියෝගය නොතකා ඔවුන් උද්ඝෝෂණය පැවැත්වු අතර පසුව ඊට නායකත්වය දුන් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් 13 දෙනෙකු පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන අකුරැස්ස පොලීසිය වෙත රැගෙන ගියේය.

එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්වයක් ඇති විය.

ඒ අනුව සැකකරුවන් 13 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් පොලිස් ඇප මත මුදා හල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඔවුන් ලබන 28 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

අකුරැස්ස නගරයේ පැවැති උද්ඝෝෂණයකින් 13 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site