IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘කලු තුෂාර‘ගේ ගොලයින් දෙදෙනකු අ‘පුරේදී මාට්ටු

(දයාරත්න ඇඹෝගම)

පාතාල නායකයකු වන කළු තුෂාර නමැත්තාගේ සහායිකාවක් බව කියන 24 හැවිරිදි කාන්තාවක්  ඇයගේ අනියම් පුරුෂයා සමග මත්කුඩු අළෙවි කරමින් සිටියදි අද (17) අනුරාධපුර මාර්කට් පෙදෙසේදී  අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය  පැවසීය.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කලක් අගනුවර පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධව සිටි කළු තුෂාර නමැත්තාගේ සහායිකාවක් බව පොලීසිය පවසයි.

 වයස අවුරුදු 24 ක් වන මෙම තැනැත්තිය තන්තිරිමලේ කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය මීට පෙර ද හෙරොයින් වැරදි සම්බන්ධයෙන් දෙවතාවක් බන්ධනාගාරගතව සිට මීට මාසයකට පමණ පෙර නිදහස් වූ තැනැත්තියකි.

 වයස අවුරුදු 16 දී හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති මැය හතර වතාවක් සිංගප්පූරුවට ගොස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බව අනුරාධපුර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.ඒ.එස්. අලුත්ගෙදර මහතා පැවසිය.

අත් අඩංගුවට පත් ඇයගේ අනියම් පුරුෂයා ද මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇති අයෙකු බවද පැවසේ. අත් අඩංගුවට පත්වන අවස්ථාවේ මෙම තැනැත්තිය සන්තකයේ හෙරොයින් මි.ග්‍රෑ.5870 ක් ද ඇයගේ අනියම් පුරුෂයා සන්තකයේ හෙරොයින් මි.ග්‍රෑ.220 ක්ද තිබූ බව පොලීසිය පවසයි.

කොළඹ ප්‍රදේශයෙන් අනුරාධපුරයට ලැබෙන හෙරොයින් තොග අනුරාධපුරයෙන් ලබාගෙන තන්තිරිමලේ , විලච්චිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ඊසිකෑෂ් ක්‍රමය යටතේ මහා පරිමාණයෙන් මොවුන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව පිළිබඳවත් ඇයගේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳවත් තන්තිරිමලේ හා ඒ අවට ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම තැනැත්තිය ප්‍රදේශයට පිළිලයක් වී තිබූ බවත්ය.

මේ වනවිටත් ප්‍රදේශයේ තරුණ පිරිස් මෙන්ම පාසල් වයසේ පසුවන ලාබාල දරුවන්ද මත්ද්‍රව්‍ය උවදුර නිසා විනාශවෙමින් සිටින බව ඔව්හු පවසති.

 



අදහස් (0)

‘කලු තුෂාර‘ගේ ගොලයින් දෙදෙනකු අ‘පුරේදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site