IMG-LOGO

කැබ්රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට

(ලලිත් නවරත්න)

හලාවත කාක්කපල්ලිය ප‍්‍රදේශයේදී පොලිස් කැබ්රථයට  යතුරු පැදියක් ගැටීමෙන් බරපතලතුවාල ලැබූ පුද්ගලයෙකු ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයටපත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.

මෙසේ අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ හලාවත සිහපුර පාර අංක 30/ 16 පදිංචි මිහිදුකුලසූරිය ජූඞ් ශෂාන් අසේල ප‍්‍රනාන්දු නැමති 29 හැවිරිදි එක්දරු පියෙකි.

හලාවත පොලීසියට අයත් මෙම කැබ්රථය රාජකාරියක් සඳහා යමින් සිටියදී තේපානය සඳහා කාක්කපල්ලිය ප‍්‍රදේශයේ ආපනශාලාවක් අසල කොළඹ දෙසට මුහුණලා මාර්ගය අයිනේ නතරකර තිබේ.

අනතුරුව කොළඹ දෙසසිට හලාවත දෙසටපැමිණි පැමිණි යතුරුපැදිය තවත් වාහනයකට ඉස්සරකිරීමට යාමේදී පොලිස් කැබ්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය  පවසයි.

මෘතශරීරය සම්බන්ධයෙන් මරණපරීක්ෂණය  පී. සී. ආර් පරීක්ෂණයකින් අනතුරුව සිදුකිරීමට නියිමිතබව රෝහල් බළධාරීන්පවසයි.

 

 



අදහස් (0)

කැබ්රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site