(ඉන්දික අරුණ කුමාර)
කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් සිය කාර්යාලයෙන් වාර්තා වීමත් සමග නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දැමීමට පියවර ගත් බව ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංග සිංහ මහතා පවසයි.
නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් තිදෙනෙකු වාර්තා විය.
පසුගිය සතියේ මාතලේ මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙකු රාජකාරි කටයුත්තක් සදහා පැමිණ ඇති අතර ඔහුට මාතලේ දී සිදුකර ඇති පී සී ආර් පරික්ෂණයේදී ඔහුට කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම නිලධාරියා සමීපයේ සිටි ග්‍රාම නිලධාරින් විසි තුන් දෙනකු ද මේ වන නිවෙස් වල ස්වයං නිරෝධානයට ලක්කර ඇති බැවි මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංග සිංහ මහතා කියා සිටියේය.
මෙම තත්ත්වය හේතුවෙන් රාජකාරි කටයුතු ඉටුකර ගැනීම සදහා නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිමේන් වල කින ලෙස නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහජවනතාවගේ ඉල්ලා සිටින බව ද ප්‍රාදේශිය ලේකම් වරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟළුම් ආයතනයෙත් මෙවැනි තත්වයේ තියෙන්නේ