(ඉන්දිකා රාමනායක)
ගාල්ල බන්ධනගාරය තුළට විසිකළ ජංගම දුරකතන, බැටරි, දුම්කොළ සහිත තහනම් පාර්සල් දෙකක් බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.
ඊයේ (27) රාත්‍රියේ ගාල්ල බන්ධනාගාරය අසල “ජේල් රෝඩ්” පටු මාවතේ සිට මෙම පාර්සල් දෙක බන්ධනාගාරය තුළට විසිකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
රාත්‍රි රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් එම පාර්සල් දෙක සිය බාරයට ගෙන පාලන අංශ වෙත ඉදිරිපත් කළ බව ඒකනායක මහතා පවසයි.
මෙම පාර්සල් දෙකේ, ජංගම දුරකතන 7ක්, එම බැටරි 7ක්, ලයිටර් 1ක්, දුම්කොළ 10ක්, තිබු බවත්, එම තහනම් භාණ්ඩ සහිත පාර්සලය ගාල්ල පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල බන්ධනගාරයට තහනම් පාර්සල් දෙකක්