( කේෂර ගුණතිලක)
ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසක වඩුවැඩ කරමින් සිටි කාර්මිකයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොටියාගල-වත්තේගම 10 කණුව අසල පදිංචිව සිටි ළිඳේගෙදර ජානක විජේසූරිය (29) නැමති දෙදරු පියෙකි.
හෙතෙම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වඩු මැෂිම ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊයේ සවස විදුලිසැර වැදීමෙන් ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය පිළිබඳව ඇතිමලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කණගාටුදායකයි .අපි ඒ ගැන දුක් වෙනවා .ඒ අතරම කියන්න ඕනේ විදුලි ආම්පන්න සමග වැඩ කරන්න ප්‍රථම නිවසේ විදුලි පද්ධතිය විශේෂයෙන්ම ටිප් ස්විච් එකේ ක්‍රියා කාරිත්වය පරීක්ෂා කර බැලිය යුතුමයි