
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුවේ ගොවීන් මණ්ඩලයට වී අලෙවි නොකරන බව වී අලෙවි මණ්ඩලය කියයි.
මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට බහුලව සිදු කෙරෙන නමුත් වී අලෙවි මණ්ඩලයට අලෙවිකර ඇත්තේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් ඉතා සුලූ පිරිසක් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.
එයට හේතුව රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් ගොවීන්ගෙන් වී මිලදී ගන්නා නිසා බවද ඒ මහතා කියයි.
වී අලෙවි මණ්ඩලය පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මධ්‍යස්ථාන 25ක වී මිලදී ගැනීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇතැත් දැනට මිලදී ගෙන ඇත්තේ වී කිලෝ එක් ලක්‍ෂ හැට දහසක් පමණ යැයිද ඒකනායක මහතා කීය.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් වී මෙට‍්‍රික් ටොන් පණස් දහසක් මිලදී ගැනීමට අපේක්‍ෂා කළ බවකී ඒ මහතා ඇතැම් මධ්‍යස්ථානවලට වී ඇටයක්වත් මිලට ගැනීමට නොහැකිවී ඇති බවද පවසයි.
සම්බා වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 52ක් වන අතර නාඩු වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 50කි.
එහෙත් පෞද්ගලික වෙළෙඳුන් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක මුදලක්ද සම්බා වී කිලෝවකට රුපියල් 58ක් මුදලක්ද තමන්ට ලැබෙන බව ගොවීහු කියති.
බොහෝ සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් මේ දිනවල ගොවියාගේ කුඹුරටම ගොස් වී අස්වනු මිලදී ගන්නා බවද ඒ ගොවීහු කීහ.

2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලයට හුලං
ranjith Wednesday, 11 August 2021 09:09 AM
පොළොන්නරුවේ හාල් මෝල් කාරයෝ කීප දෙනා මේ කොරෝනා වසංගතය හමුවේ වී ගොවීන් සහ අහිංසක ජනතාවගේ බත් පතෙන් සූරා කනවා මේ අපරාදයට මුං මොන අපායේ යන්නද