ගංජා රැගෙන යමින් සිටි කතක් අත්අඩංගුවට ත්‍රීරෝද රථයකින් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 330 රැගෙන යමින් සිටි කාන්තාවක වවුනියාව පූන්තෝට්ටම් පොලිස් මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 19 December 2018
නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ කොස්තාපල් ඇතුළු 2ක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසයි. 19 December 2018
පොලිස් සිරමැදිරියෙන් පැන්න සිව් දෙනෙකු සොයා පරීක්ෂණ රඹුක්කන පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි. 19 December 2018
වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක මුදල් කොල්ලකෑ 4 ක් සැක පිට අත්අඩංගුවට කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවිකාවකගේ ගෙළට පිහියක් තබා මුදල් කොල්ල කා පළා ගොස් සිටි බවට සැකකරන පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 19 December 2018
යටවත්ත ප්‍රා.සබේ අයවැය සම්මතයි යටවත්ත ප්‍රාදේශිය සභාවේ 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය. 19 December 2018
මිනිබිරිය අපයෝජනය කළ සීයා අත්අඩංගුවට අවුරුදු එක හමාරක ළදැරියක අපයෝජනය කළ බව කියන එම දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය පවසයි. 19 December 2018
ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ 2ක් අත්අඩංගුවට ලී කුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද(19) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 19 December 2018
සාගරිකා දුම්රියේ ගැටී පුද්ගලයකු මරුට කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ හැපී පුද්ගලයෙකු මියගොස් ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. 18 December 2018
රුහුණ විද්‍යාපීඨයේ නේවාසිකාගාර වලට ඇතුළුවී භාණ්ඩ සොරාගත් අයෙක් රිමාන්ඩ් රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසිකව අධ්‍යයන කටයුතු වල නිරත සිසුවියන්ගේ නේවාසිකාගාර වලට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළුවී එම සිසුවියන්ට අයත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක සොරකම් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි. 18 December 2018
පුද්ගලයන් රට යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් රිමාන්ඩ් පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන කාන්තාවක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (18) නියෝග කළේය. 18 December 2018
අවි ජාවාරම්කරුවන් බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට පාතාලයට අවි සැපයීමේ ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ ගම්පහ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 18 December 2018
හබරාදු ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක් හබරාදුව ප්‍රාදේශීය සභාවේ අද (18) පැවති මාසික රැස්වීමේදී පාලක පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට විපක්ෂ නායකවරයා විරෝධය පල කිරිම නිසා සභාව දැඩි උණුසුම්කාරී තත්වයකට පත් විය. 18 December 2018
දියණිය සුවපත් කර ගැනීමට මාධ්‍යවේදී පියා ආධාර පතයි දෙවලපොළ ලංකාදීප මාධ්‍යවේදී කීර්ති ප්‍රනාන්දුගේ වැඩිමහල් දියණිය වන බී. සඳුනි හංසිකා ප්‍රනාන්දු දැරිය බරපතල ස්නායු රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටී. 18 December 2018
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය. 18 December 2018
කඩුගන්නාව නගර සබේ අය වැය පරාදයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (18) ඉදිරිපත් කළ අය වැය පරාජයට පත්විය. 18 December 2018
මාතලේ ඓතිහාසික නුගගස කපනවාට මහජන විරෝධය මාතලේ නගරයේ නුග ගහමුල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහ නගර සභාව විසින් කපා ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම නුග ගස ඉදිරිපිටදි විරෝධතාවක් අද (18) පැවැත්විණි. 18 December 2018
මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි එකම පළාත් පාලන අයාතනය වන මාතලේ මහ නගර සභාවේ 2019 වසර සදහා වු අය වැය ලේඛනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ සහය ඇතිව වැඩි ඡන්දයෙන් අද (18) සභා සම්මත විය. 18 December 2018
විදේශීය ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ඉංගිරිය හඳපාන්ගොඩ කොස්හේන ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ විදේශීය ගිනි අවියක් හා ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අද(18) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි. 18 December 2018
මත්කුඩු අලෙවි කළ ලංගම රියදුරා අත්අඩංගුවට හිගුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව ප්‍රදේශවලට කුඩු ප්‍රවාහනය කර අලෙවි කළ මැදිරිගිරිය කොළඹ රාත්‍රී ලංගම බස් රථ රියදුරු කුඩු පැකට් 15ක් සමඟ දිවුලන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 18 December 2018
රිය අනතුරකින් දියණිය මරුට මව රෝහලේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි මෝටර් රියක් බුලත්සිංහල පහළ නාරංගලදී වෙළෙදසලක හැපී සිදු වූ අනතුරකින් වෙළෙදසලෙහි සිටි දියණිය මිය ගොස් ඇගේ මව (84) බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසයි. 18 December 2018
උතුරු මුහුදේ මසුන් ඇල්ලූ 8ක් අත්අඩංගුවට උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 December 2018
කොටි කාලේ සැඟවු ආයුධ තොගයක් සොයා ගනී මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සඟවා තිබූ එල්ටීටීඊ යුද උපකරණ තොගයක් සොයා ගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීහු සමත්වූහ. 18 December 2018
ආයුධ සමඟ 10 දෙනෙකු අත්අඩංගුවට යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී ආවා කල්ලි ප්‍රබල සාමාජිකයින් බවට සැකකරන 10 දෙනෙකු ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය පවසයි. 18 December 2018
ලක්ෂ 12 දුරකථන සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට කිලිනොච්චිය නගරයේ ජංගම වෙළෙඳසල් දෙකක් බිඳ රුපියල් ලක්ෂ 12 ක වටිනා ජංගම දුරකථන සොරාගත් පුද්ගලයින් දෙදෙනකු පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 18 December 2018
පදික වේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදික වේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 17 December 2018
කුඹුක් අත්තක් හිස මතට කඩා වැටී ජල පාලකවරයකු මියයයි පුත්තලම වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ජල පාලකවරයකු දිරා ගිය කුඹුක් අත්තක් හිස මතට කඩා වැටීමේන් අද (17 ) මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 17 December 2018
පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට අල්ලස් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර පලායාමට උත්සහ කළ බව කියන සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය කියයි. 17 December 2018
සැමියා නිදහස් කරන්නැයි බිරිඳ දරුවන් සමඟ උපවාසයක වවුනතිවු පොලිස් සැරයන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සිය සැමියා නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුව සිව් දරු මවක් අද උපවාසයක යෙදුණාය. 17 December 2018
නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 කට නඩු පාරිභෝගික සේවා අධිකාරියේ නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. 17 December 2018
ලක්ෂ 35 ක රන්බඩු සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට පානදුර නගරයේ ප්‍රසිද්ධ කෝටිපති වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් දිවා කාලයේ බිඳ රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා රන් පවුම් 55 ක ස්වර්ණාභරණ සහ මුදලින් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක මුදලක් සොරකම් කළ 31 වියැති ටයිල් පෙදරේරුවෙක් මහනුවර අංකුඹුර ප්‍රදේශයේදී අද (17) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. 17 December 2018
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026