මත්ටොෆි - චොකලට් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට මත් ටොෆි හා මත් චොකලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පවසයි. 21 December 2018
ආඩියාගල රක්ෂිතයේ කැණිම් කළ 7 ක් අත්අඩංගුවට මොරවැව පොලිස් වසමට අයත් මහදිවුල්වැව “ශාන්තිපුර“ ආඩියාගල රක්ෂිතයේ නිධානයක් ගැනීමේ අරමුණෙන් අනවසර කැනීමක් කිරිමට සුදානම් වු 7 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමඟ විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර කඳවුරේ නිලධාරීන් සමත් වුහ. 21 December 2018
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 13 කට නඩු මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කළ සහ අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. 21 December 2018
මුවෙකු මරා රැගෙන යමින් සිටි අයකුට වෙඩි මුවෙකු මරා රැගෙන යමින් සිටි පුද්ගලයකුට ලුණුගම්වෙහෙර කලුපාලම අසලදී වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා තිබේ. වෙඩි වැදීමෙන් ඔහුගේ දකුණු අතට තුවාල සිදුවිම නිසා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. 21 December 2018
වීසා නොමැති ඊජිප්තු ජාතිකයින් දෙදෙනකු මිරිස්සේදී අත්අඩංගුවට වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව මිරිස්සේ සංචාරක නිකේතනයක නතරව සිටි ඊජිප්තු ජාතිකයින් දෙදෙනකු වැලිගම පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. 21 December 2018
මොරටුව නගර සභාවේ අයවැය සම්මත වෙයි මොරටුව මහ නගර සභාවේ 2019 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම් පත වැඩි ඡන්ද 28 කින් අද (20) සම්මත විය. 20 December 2018
ග්‍රාම ශක්ති වැඩසටහනේ මූලික අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ මූලික අදියරේ සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 57ක වැඩ කටයුතු ආරම්භ කිරීම අද (20) සිදු කෙරිණි. 20 December 2018
ප්‍රජාශාලාවට වෙන්කළ ඉඩම බලෙන් අල්ලා ගත්තාට එරෙහිව විරෝධතාවයක් බදුල්ල මහ නගර සභා සීමාවට අයත් පහළවත්ත පින්නලන්ද ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ඉදිකිරීම සඳහා වෙන්කර තිබූ ඉඩමක් යම් පුද්ගලයෙක් විසින් දේශපාලන රැකවරණය මත බලෙන් අත්පත් කරගෙන සිටීමේ සිද්ධියක් පිළිබඳව විරෝධය දක්වා එම ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) බදුල්ල නගර ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 20 December 2018
කතරගම හෝටල් වලට දඩමස් සැපයූ 2ක් අත්අඩංගුවට කතරගම ප්‍රදේශයේ හෝටල් සඳහා දඩමස් සැපයූ සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත ගිණිඅවි දෙකක් සමඟ තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේදී අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය පැවැසීය. 20 December 2018
බණ්ඩාරවෙල නගර සභාවේ අයවැය සම්මතයි බණ්ඩාරවෙල මහ නගර සභාවේ 2019 වර්ෂයේ අයවැය ප්‍රකාශය අද (20) බණ්ඩාරවෙල මහ නගර සභාවේ පැවති මාසික සභා වාරයේදී වැඩි ඡන්ද දෙකකින් සභා සම්මත විය. 20 December 2018
කෝටි 277 ක මත්කුඩු ජාවාරම් කළ තිදෙනා යළි රිමාන්ඩ් රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ජාවාරම් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 20 December 2018
ලක්ෂ 17 ක මත්ද්‍රව්‍ය සමඟ ‘වැල්ලේ සුරංගේ’ ගෝලයෙක් අල්ලයි රුපියල් ලක්ෂ 17 ට අධික වටිනාකමකින් යුත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ මෝදර වැල්ලේ සුරංග නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් කොලොන්නාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 December 2018
කාන්තාවන් විවාහ කරගන්නා බව පවසා මුදල් වංචා කළ ගුවන් භටයා රිමාන්ඩ් කාන්තාවන් විවාහ කරගන්නා බව පවසමින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ නවදහස් පන්සියයක මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා නායක ගුවන් භටයෙකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 20 December 2018
නීතිවිරෝධීව මසුන් මැරූ 3 ක් අත්අඩංගුවට නීතිවිරෝධී අයුරින් දැල් යොදා කුඩාවැල්ල සූරියගහවැල්ල ධීවර වරායේ මසුන් මරමින් සිටි තිදෙනෙක්, ඔරුවක්, බෝට්ටුවක්, දැල් සහ මසුන් සමඟ අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති. 20 December 2018
රත්මලානේදී නිවසකට වෙඩි ප්‍රහාරයක් සාදයකදී දුම්වැටියක් සම්බන්ධයෙන් ඇති වු බහින්බස් වීමකින් අනතුරුව රත්මලාන උතුර පෞද්ගලික සමාගමක කළමනාකාරවරයෙකුගේ නිවසට අද (20) වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. 20 December 2018
මත්පැන් හළකට එරෙහිව මිරිස්ස ගම්වැසියෝ විරෝධතාවයක වැලිගම මිරිස්ස සංචාරක පුරවරය සඳහා මත්පැන් අලෙවිසළක් දැමීමට එරෙහිව මිරිස්ස පෙදෙසෙහි ජනතාව විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (20) මිරිස්ස නගරයේ දී පැවැත්විණි. 20 December 2018
වැලිමඩ ලංගම රියදුරාගේ ඝාතනය සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් ලංගම කැප්පෙටිපොල ඩිපෝවේ බස් සේවකයන් සිවුදෙනෙකු පෞද්ගලික බස් රියක රියදුරකුට පහරදීමෙන් පසු මිය ගිය සිද්ධිය මූලික කරගනිමින් වැලිමඩ පෞද්ලික බස්රථ සේවකයන් බස් ධාවනයෙන් ඉවත් වී උද්ඝෝෂණයක නියැලී සිටිති. 20 December 2018
ලංගම ඩිපෝ කළමනාකාරවරයාට පහරදුන් ප්‍රා.සබේ විපක්ෂ නායක රිමාන්ඩ් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ප්‍රාදේශීය කළමනාකරවරයාට පහරදීමක් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ කලවාන ප්‍රදේශීය සභාවේ විපක්ෂයේ කණ්ඩායම් නායක ශ්‍යානක මොල්ලිගොඩ මහතා ලබන ජනවාරි 02 දින දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් තිසාණි තේනබදු මහත්මිය විසින් නියම කළාය. 20 December 2018
රන් අාභරණ සමඟ අයෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 20 December 2018
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 December 2018
හලාවත බස්නැවතුම ආසන්නයේ නිවසක ගින්නකින් කඩ 7 කට අලාභ හානි හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත පෞද්ගලික බස් නැවතුම්පොළ ආසන්නයේ පවත්වා ගෙන ගිය වෙළඳසැල් 7 ක් විනාශයට පත්ව ඇති බව හලාවත පොලීසිය කියයි. 20 December 2018
ගෙවල් බිඳුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වෑතරදී අල්ලයි පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ නව ලක්ෂ තිස් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් සහ අසූ දහසක් වටිනා ජංගම දුරකතන හයක් සොරාගත් 20 හැවිරිදි පුද්ගලයකු අද (19) අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 19 December 2018
මල්වානේ ඉදිකෙරෙන කොන්ක්‍රීට් කාණු පද්ධතියේ කාන්දුවීම් අමාත්‍යාංශ නිරීක්ෂණයකදී හෙළිවෙයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 18ක ප්‍රතිපාදන මගින් මල්වාන, වල්ගම ප්‍රදේශයේ ඉදිකෙරෙන කොන්ක්‍රීට් කාණු පද්ධතිය එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ඞී.එම් නෆීල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කණ්ඩායමක් විසින් පසුගියදා නිරීක්ෂණය කළ අතර එම කාණු පද්ධතියේ සමහර ස්ථානවල කාන්දුවීම් පවතින බව ද එහිදී නිරීක්ෂණය වූ බව එම අමාත්‍යාංශය පවසයි. 19 December 2018
බලපත්‍ර කොන්දේසි කැඩූ අයෙක්ට දඩ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් අයකුට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා රුපියල් 15,000 දඩ මුදලක් අද (19) නියම කළේය. 19 December 2018
පල්ලෙකැලේ අභයභූමියේ තුවක්කු ඇටවූ 2ක් අත්අඩංගුවට කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ ස්වාභාවික අඩි පාරක් ආශ්‍රිතව බඳින තුවක්කු අටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (19) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 19 December 2018
තහනම් පොලීතින් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට ගම්පහ මෝරපොල ප්‍රදේශයේ පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩා කර තිබූ තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ 1500ක් අද(19) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. 19 December 2018
මොනරාගල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට ඇප ලංසු තැබීමකින් තොරව වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ භාණ්ඩ කීපයක් කූඨ ලේඛන මගින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොණරාගල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදාහැරීමට මොනරාගල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්.ඩී.එස්.පී දොඩම්ගොඩ මහතා නියෝග කළේය. 19 December 2018
හෝමාගම ගල්වලක පුද්ගල මළ සිරුරක් හෝමාගම බ්‍රාහ්මණගම ප්‍රදේශයේ ගල්වලක් අසළ පිහිටි පොකුණක තිබී අබිරහස් ලෙස මිය ගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි. 19 December 2018
හොරෙන් ගෙන ආ රන්බඩු තොගයක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස රැගෙන ඒම සඳහාම සකස් කළ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 December 2018
විදුලි සේවකයන්ට පහර දුන් ප්‍රා. සබා මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ විදුලිබල මණ්ඩලයේ විදුලි විසන්ධි කිරීමේ රාජකාරියේ නිරත කාර්මිකයෙකුට සහ මනුකියවන්නෙකුට පහරදුන් කලවාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් විදුලිබල මණ්ඩල සේවක පිරිසක් අද (19) කලවානේදී විරෝධතාවක් පැවැත්වූහ. 19 December 2018
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026