IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතරගම හෝටල් වලට දඩමස් සැපයූ 2ක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

කතරගම ප්‍රදේශයේ  හෝටල් සඳහා දඩමස් සැපයූ සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත ගිණිඅවි දෙකක් සමඟ තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේදී අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට පත් වුයේ සෙල්ලකතරගම ධීවර ගම්මානයේ පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙකු සහ තිස්සමහාරාම බෙරළිහෙල පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේ දඩයමේ යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්විය.තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්,කතරගමට පැමිණෙන බැතිමතුන් සඳහා දඩමස් සැපයීමද මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසියට බාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කතරගම හෝටල් වලට දඩමස් සැපයූ 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site