(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස රැගෙන ඒම සඳහාම සකස් කළ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු 51 හැවිරිදි මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
මෙම ව්‍යාපාරිකයා රුපියල් 90 ලක්ෂයක් වටිනා , කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 198 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය , පත්තර කොළවල ඔතා, තම කලිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd