(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම බ්‍රාහ්මණගම ප්‍රදේශයේ ගල්වලක් අසළ පිහිටි පොකුණක තිබී අබිරහස් ලෙස මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම අංක 94 පදිංචි වික්‍රමගේ දොන් කොර්තේලිස් නමැති 68 හැවිරිදි අවිවාහකයෙකු බව පොලිසිය පවසයි.
මෙම ගල්වල අසළ පිහිටි වාඩියට මිය ගිය පුද්ගලයාගේ ඥාතියකු අද(19) උදෑසන ගිය අවස්ථාවේ මළ සිරුර දැක ඇතැයි පොලිසිය පවසයි.
මෙය දියේ ගිලී සිදු වූ මරණයක් ද, නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd