IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෙවල් බිඳුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වෑතරදී අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුලරත්න)

පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ නව ලක්ෂ තිස් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් සහ අසූ දහසක් වටිනා ජංගම දුරකතන හයක් සොරාගත් 20 හැවිරිදි පුද්ගලයකු අද (19) අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

සොරාගත් මුදල් වලින් 150.000ක් භාණ්ඩ ලබා ගැනීමට වැය කර ඇති බවත් රුපියල් 52.000ක හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සොරාගත් රූපවාහිනියක් ,ජංගම දුරකතනයක්, ගෑස් සිලින්ඩරයක් , ගෑස් උඳුනක් සොයා ගෙන ඇත.

සැකකරු බොරැල්ල සහ වැලිකඩ පොලිස් වසම් වල සිදුකළ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් වසර පහක් බන්ධනාගාරගතව සිට ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.



අදහස් (1)

ගෙවල් බිඳුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වෑතරදී අල්ලයි

Prof. Dr. Edward Perera Thursday, 20 December 2018 12:33 AM

අප මොනතරම් දේශීය දේ අගේ කර කතා කලත් රටේ අධ්‍යාපනය යටත් විජිත යුගයේ සිටම ගමන් කර ඇත්තේ සුද්දා විසින් අපේ පාලකයින්ව හරවා තැබූ දිශාව දෙසට බව පැහැදිලි වන්නේ රටේ ආර්ථික දියුණුවට මෙන්ම ආධ්‍යාත්මක දියුණුව වෙනුවෙන් මේ සම්මාන ලබන පිරිසෙන් කැපවුණේ ඉතාම අතලොස්සක් බව සනාථ වන විටය. ශ්‍රී ලංකාවේ බොහෝ භික්ෂුවරු බුදු දහම පිලිබඳ ආචාර්ය උපාධිය ලබා ගන්න යන්නෙත් එංගලන්තයට හෝ ඇමෙරිකාවටය. පාර්ලිමේන්තුවේ ඉන්න නූගත් මැතිඇමතිවරු ශෝබනයට අධිරාජ්‍යවාදීන්ට බැණ වැදුනද මහා පරිමාන වංචා වලින් සොයන ලද මුදල් වලින් තම තමන්ගේ දුවා දරුවන් බටහිර රටවලටම යවා සහතික ලබා ගෙන තමන්ගේ දේශපාලන සම්බන්ධකම් ප්‍රයෝජනයට ගෙන උසස් තනතුරු ඒ වගේම සම්මාන වලින් පුදනු ලබයි. නමුත් මේ කියන දැනුමෙන් හා සම්මාන වලින් දැයට සේවයක් වී නම් රටට මේ කල දසාව යාවිද? බලන් කඩ තුරා හැර දෑසේ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site