(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ නව ලක්ෂ තිස් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් සහ අසූ දහසක් වටිනා ජංගම දුරකතන හයක් සොරාගත් 20 හැවිරිදි පුද්ගලයකු අද (19) අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
සොරාගත් මුදල් වලින් 150.000ක් භාණ්ඩ ලබා ගැනීමට වැය කර ඇති බවත් රුපියල් 52.000ක හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සොරාගත් රූපවාහිනියක් ,ජංගම දුරකතනයක්, ගෑස් සිලින්ඩරයක් , ගෑස් උඳුනක් සොයා ගෙන ඇත.
සැකකරු බොරැල්ල සහ වැලිකඩ පොලිස් වසම් වල සිදුකළ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් වසර පහක් බන්ධනාගාරගතව සිට ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප මොනතරම් දේශීය දේ අගේ කර කතා කලත් රටේ අධ්‍යාපනය යටත් විජිත යුගයේ සිටම ගමන් කර ඇත්තේ සුද්දා විසින් අපේ පාලකයින්ව හරවා තැබූ දිශාව දෙසට බව පැහැදිලි වන්නේ රටේ ආර්ථික දියුණුවට මෙන්ම ආධ්‍යාත්මක දියුණුව වෙනුවෙන් මේ සම්මාන ලබන පිරිසෙන් කැපවුණේ ඉතාම අතලොස්සක් බව සනාථ වන විටය. ශ්‍රී ලංකාවේ බොහෝ භික්ෂුවරු බුදු දහම පිලිබඳ ආචාර්ය උපාධිය ලබා ගන්න යන්නෙත් එංගලන්තයට හෝ ඇමෙරිකාවටය. පාර්ලිමේන්තුවේ ඉන්න නූගත් මැතිඇමතිවරු ශෝබනයට අධිරාජ්‍යවාදීන්ට බැණ වැදුනද මහා පරිමාන වංචා වලින් සොයන ලද මුදල් වලින් තම තමන්ගේ දුවා දරුවන් බටහිර රටවලටම යවා සහතික ලබා ගෙන තමන්ගේ දේශපාලන සම්බන්ධකම් ප්‍රයෝජනයට ගෙන උසස් තනතුරු ඒ වගේම සම්මාන වලින් පුදනු ලබයි. නමුත් මේ කියන දැනුමෙන් හා සම්මාන වලින් දැයට සේවයක් වී නම් රටට මේ කල දසාව යාවිද? බලන් කඩ තුරා හැර දෑසේ !