IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මල්වානේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කාණු පද්ධතියේ කාන්දුවීම් අමාත්‍යාංශ නිරීක්ෂණයකදී හෙළිවෙයි

(ඩයනා උදයංගනී)

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 18ක ප‍්‍රතිපාදන මගින් මල්වාන, වල්ගම ප‍්‍රදේශයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කාණු පද්ධතිය එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ඞී.එම් නෆීල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නිලධාරි කණ්ඩායමක් විසින් පසුගියදා නිරීක්‍ෂණය කළ අතර එම කාණු පද්ධතියේ සමහර ස්ථානවල කාන්දුවීම් පවතින බව ද එහිදී නිරීක්‍ෂණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.

දැනට සම්පූර්ණ කර ඇති එම කොන්ක‍්‍රීට් කාණුවල සමහර ස්ථානයන්හි දක්නට ඇති මෙම කාන්දුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ලේකම් දැනුවත් කර ඒ මාර්ගයෙන් කොන්ත‍්‍රාත්කරු ලවා පිළිසකර කරවීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නෆීල් මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය නගර සැලසුම් හා ජල සම්පාදන හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද්දකි.

ශ්‍රී ලංකාවේ දෙවෙනි විශාලතම අයෝජන ප‍්‍රවර්ධන කලාපය වන බියගම නිදහස් වෙළද කලාප ප‍්‍රදේශයට සහ මල්වාන ප‍්‍රදේශයේ වල්ගම, වැකන්ද මල්වත්ත සහ කන්දවත්ත යන ගම්මානවලට පවතින වැසි ජලය කැළණි ගඟට ගෙනයාමේ මාර්ගයේ කොටසක් ද මෙම ව්‍යාපෘතියෙන් සංවර්ධනය කෙරෙන බව ද අතිරේක ලේකම්වරයා කීවේය.

අමාත්‍යාංශ ලේකම් වසන්ත හපුආරච්චි මහතා උපදෙස් අනුව මෙම කාණු පද්ධතිය නිරික්ෂණ කටයුත්ත සිදුකර ඇති අතර අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ දමිත් නල්ලප්පෙරුම මහතාද එම අවස්ථාවට එක්ව තිබේ.



අදහස් (0)

මල්වානේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කාණු පද්ධතියේ කාන්දුවීම් අමාත්‍යාංශ නිරීක්ෂණයකදී හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site