ජුඩ් සමන්ත
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කළ සහ අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
දින දෙකක් පුරා සිදු කරන ලද මෙහෙයුමකින් පසුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත.
හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන සුපිරි වෙළඳසැල්,හෝටල්, ආපනශාලා, සිල්ලර අලෙවිසැල්, බේකරි ඇතුළු ස්ථාන 50 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
ඉන් ව්‍යාපාරික ස්ථාන 15 ක පමණ හිමිකරුවන්ට දැඩි ලෙස අවවාද කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. ව්‍යාපාරික ස්ථාන 10 ක පමණ තිබූ රඳවා ගැනීමට නොහැකි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර දැමීමක් ද මෙහිදී සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd