IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රාම ශක්ති වැඩසටහනේ මූලික අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ

(සිරංගිකා ලොකුකරවිට)

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ මූලික අදියරේ සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 57ක වැඩ කටයුතු ආරම්භ කිරීම අද (20) සිදු කෙරිණි.

මේ අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මකුළුව ග්‍රාමසේවා වසමේ චන්ද්‍රරත්න නාහිමි මාවතේ පිහිටි ජල බස්නා මාර්ගය නවීකරණය සඳහා මූලික කටයුතු ආරම්භ කිරීම ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථෘව සඳහා ජනාධිපති ව්‍යාපෘති සම්බන්ධිකරණ ලේකම් චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් සි ද සොයිසා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. 

ව්‍යාපෘතියේ මුල් අදියර සඳහා රුපියල් ලක්ෂ 02ක ප්‍රතිපාදන වෙන්ව ඇත. මෙම ග්‍රාම සේවා වසමේ පවුල් 30ක් පමණ පංදිංචිව සිටින අතර  කානු පද්ධතිය අවහිර වී තිබීම හේතුවෙන් හදිසි ජල ගැලිම් ඇතිවූ විට නිවැසියන්  පීඩාවට පත්වන බව මෙහිදී සඳහන් විය. එමගින් ප්‍රවාහන දුෂ්කරතා  සහ පාරිසරික ගැටලු රැසක් ද පැන නගින බව ප්‍රදේශවාසීහු පවසා සිටියහ. 

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

 



අදහස් (0)

ග්‍රාම ශක්ති වැඩසටහනේ මූලික අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site