තලෙයිමන්නාරම් දුම්රියේ ගැටී ගවයෝ 4 ක් මරුට තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියට ගව රැලක් වැදීමෙන් ගවයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ. 31 October 2019
දකුණේ පාසල් හැර යන සිසුන් සංචාරක ක්ෂේත්රයට යොමුකරවීමේ වැඩසටහනක් දකුණු පළාතේ වෙරළ ආශ්රිත පාසල්වල සිසුන්ට පාසල හැරයාමෙන් පසු සංචාරක ක්ෂේත්රයේ රැකියා සඳහා යොමුවිය යුතු නිවැරැදි ක්‍රමවේදය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රුහුණු සංචාරක කාර්යංශය පවසයි. 31 October 2019
මාමා ඝාතනය කළ බෑනා අත්අඩංගුවට දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී, පොල්ලකින් පහරදී තම මාමා මරා දැමූ බෑනා අද (31) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය කියයි. 31 October 2019
පොලිස් නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයාගනී රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියෙකුට පහරදී සැකකරුවන් පලාගිය බවට සැකකරන මෝටර් රථයක් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකු සඳහා වෙන්කර ඇති නිල නිවසේ ගරාජයක තිබී අද (30) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පැවසීය. 30 October 2019
ඇළහැරට දියවර සැපයෙයි ඇළහැර මහ ගොවි ජනපදයට අයත් දීර්ඝ කාලයක් තිස්සේ ජල හිඟය හේතුවෙන් වගා කටයුතු කිරීමට නොහැකිව පැවැති කුඹුරු අක්කර 200 කට පමණ යල-මහ දෙකන්නයේ ජලය සැපයිය හැකි වාරි ව්‍යාපෘතියක් අලුතින් ඉදිකර එහි මංගල දියවර මුදාහැරීම අද (30) සිදුකෙරිණි. 30 October 2019
මුලතිව් සුගන්දිපුරම් ප්‍රදේශයේ වැඩිදුර කැණීම් අරඹයි මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ වැඩිදුර කැණීම් සිදුකිරීමේදී මිනිස් හිස් කබළක් ඇතුළු තවත් අස්ථි කොටස් කිහියක් සහ ඇඳුම් හමුවීමත් සමඟ ඒ ස්ථානයේ ඉදිරි දිනයන්හීත් කැණීම් කටයුතු කරන මෙන් මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හා පොලීසියට නියෝග කර තිබේ. 30 October 2019
බහුදින යාත්‍රාවක සුක්කානම - පොම්පය ගැලවූ දෙදෙනෙක් අත්අඩංගුවට බේරුවල ධීවර වරායේ නැංගූරම්ලා තිබූ බහුදින යාත්‍රාවක රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සුක්කානම සහ පොම්පය ගලවා අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (30) බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 October 2019
තංගල්ල නගරසභාවේ හිටපු නගරාධිපති යළි රිමාන්ඩ් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි මහතා නොවැම්බර් 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා අද (30) නියෝග කළේය. 30 October 2019
මී උණෙන් 6 ක් මරුට කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මී උණ රෝගයෙන් මේ වනවිට 6 දෙනෙකු මියගොස් ඇති අතර එයින් දෙදෙනකු කාන්තාවන් බවත් සෙසු අය පිරිමි පුද්ගලයන් බවත් කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 30 October 2019
වැස්සෙන් ගාල්ලේ පවුල් 22ක් පීඩාවට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් සහ මුහුදු රළ ගොඩගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22ක සාමාජිකයින් 39ක් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. 30 October 2019
මුරුතවෙල ජලාශයේ තවත් වාන් දොරටු 2ක් විවෘත කරයි වීරකැටිය, මුරුතවෙල ජලාශයේ තවත් වාන් දොරටු 2 ක් අද(30) විවෘත කළ බව, වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු එස්.එම් වර්ණකුළ සූරිය මහතා පැවසීය. 30 October 2019
හම්බන්තොට මාර්ග රැසක් ජලයෙන් යටවෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී පැවතීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර ගමනාගමනය සඳහා ඉඩ සලස්වා තිබේ. 30 October 2019
දැරියකට අතවර කළ සීයා - සහෝදරයෙකු අත්අඩංගුවට පස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඇගේ 82 හැවිරිදි සීයා සහ 16 හැවිරිදි ඥාති සොහොයුරා අද (29) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 29 October 2019
තහනම නොතකා ඇල්ලූ පොකිරිස්සන් 106 ක් මුහුදට මුදාහරී පොකිරිස්සන් ඇල්ලීම තහනම් මාසවලදී තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. 29 October 2019
ලංගම බස් රථයක් මතට ගසක අත්තක් කඩා වැටෙයි ස්ප්‍රීංවැලි - දෙමෝදර මාර්ගයේ බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (29) පස්වරුවේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල තිබූ විශාල ගසක අත්තක් කඩා වැටීමෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි වී ඇති බවත් බසයේ සිටි මගීන්ගේ ජීවිත බේරි ඇති බවත් ඇල්ල පොලිසිය පවසයි. 29 October 2019
සුගන්දිරපුරම් ප්‍රදේශයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි මුලතිව් ,පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් හි ඉඩමකතිබී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය තෙවැනි දිනටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස් කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් අද (29) සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි. 29 October 2019
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 74 ක් ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද (29) පස්වරුව වනවිට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 74 ක් ලැබී ඇතැයි එම කාර්යාලය කියයි. 29 October 2019
වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ හම්බන්තොට වෙහෙරගල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු 2ක් අද (29) සවස විවෘත කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්.ඒ.ඒ. ශිරන්ත මහතා පැවසීය. 29 October 2019
ඌවපරණගම කොටවර ප්‍රදේශයේ පවුල් 8 ක් ඉවත්කරයි නාය යාමේ අවදානමක් හේතුවෙන් ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ කොටවර ප්‍රදේශයේ පවුල් 8 ක පුද්ගලයන් 41දෙනෙකු අද (29) මීට සුළු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමූ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 29 October 2019
කෙටේරියකින් පහරදීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු රිමාන්ඩ් බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේදී කෙටේරියකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදුකළැයි කියන සිද්ධියේ තවත් සැකකරුවකු නොවැම්බර් 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(29) නියෝග කළේය. 29 October 2019
අතුරුදන් වූ සිසුවාගේ සිරුර නානුඔය ඇළෙන් හමු වෙයි දින කිහිපයක් අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ සිරුර කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඇළ අසල උණ පදුරක තිබියදි අද (29) පස්වරුවේ සොයාගත් බව නානුඔය පොලිසිය පැවසිය. 29 October 2019
ඌව වතු කම්කරු මධ්‍යස්ථානයේ සාමාජිකයෝ විරෝධයක ඉඩම් හා නිවාස අයිතිය තහවුරු කරනු මැයෙන් ඌව වතු කම්කරු මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දී පැවැත්විණි. 29 October 2019
අණ නොතකා රිය ධාවනය කළ අයෙකුට දඩ පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය ධාවනය කර, චෝදනා 5කට වරදකරුවෙකු වු පුද්ගලයකුට රුපියල් 95,000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) නියෝග කළේය. 29 October 2019
පෝද්දිවෙල විදුහලේ ගුරුවරු උද්ඝෝෂණයක පිටිගල, මත්තක ගා/ පෝද්දිවෙල මහා විද්‍යාලයේ ගුරුවරයෙකුට ආදි ශිෂයෙකු පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (29) පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සියලුම ගුරුවරු ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී කළු පටි පැළඳ පාසල ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වූහ. 29 October 2019
වැස්සෙන් මන්නාරමේ පවුල් 95 ක් අවතැන් අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන කිහිපයකට බලපා ඇති ගංවතුරෙන් පවුල් 95කට අයත් පුද්ගලයින් 356 දෙනෙකු විපතට පත්ව ඇති බවට මන්නාරම් ආපදා කලමනාකරණ ඒකකය පවසයි. 29 October 2019
මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි හම්බන්තොට , මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 3ක් අගල් 6 බැගින් විවෘත කර තිබේ. 29 October 2019
ඇල්පිටිය ප්‍රා. සභා සභිකයන්ගේ නම් තවම ගැසට් කර නැහැ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය මේ වනතුරු ගැසට් කිරීමට නොහැකිවී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 29 October 2019
රිය අනතුරකින් අයෙක් මරුට කල්මුණේ , අක්කරපත්තුව ප්‍රධාන පාරට සම්බන්ධ වන නින්දවූර් රෝහල් පාරේදී අද (29) සිදුවූ රිය අනතුරකින් යතුරුපැදි කරුවෙකු මියගොස් ඇති බව සමන්තුරේ පොලිසිය පවසයි. 29 October 2019
ආයතන නිලධාරියකුට පහර දී මුදල් කොල්ල කෑ 3ක් අත්අඩංගුවට පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක නිලධාරියෙකුට පහරදී රුපියල් එක්ලක්ෂ අසුදහසක මුදලක් පැහැරගත් පුද්ගලයන් තිදෙනෙකු අද(29) අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 29 October 2019
කල්පිටිය සුළං විදුලි බලාගාරයේ කුලුනක ගින්නක් කල්පිටිය දළුව නිර්මලපුර ප්‍රදේශයේ පිහිටි සුළං විදුලි බලාගාරයේ කුලුනක අද (28) දින හදිසි ගිනි ගැනීමක් සිදුව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 28 October 2019
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026