IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දකුණේ පාසල් හැර යන සිසුන් සංචාරක ක්ෂේත්‍රයට යොමුකරවීමේ වැඩසටහනක්

(ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාතේ වෙරළ ආශ්‍රිත පාසල්වල සිසුන්ට පාසල හැරයාමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවිය යුතු නිවැරැදි ක්‍රමවේදය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රුහුණු සංචාරක කාර්යංශය පවසයි.

එම පාසල්වල අ.පො.ස උසස්පෙළ හා සාමාන්‍ය පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති තිසර ගුණසිංහ මහතා පවසයි.

සංචාරක බලපත්‍ර ලබාගන්නා අකාරය, සංචාරකයින් සමග ගනුදෙනු කරන ආකාරය, තමන්ගේ ආරක්ෂාව ඇතුළු සංචාරක ක්ෂ්ත්‍රයේ විවිධ අංශයන් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද ගුණසිංහ මහතා කියයි.

මෙම වැඩසටහන පැවැත්වීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමැතිය ලබාගෙන ඇති බවද ඒ මහතා කියා සිටී.

ජාතික සංචාරක අධිකාරියේ පුහුණුව ලැබූ විශේෂඥ පිරිසක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය දක්වති.

මෙය ඉලක්ක කරගනිමින් පාසල් දරුවන් අතර සංචාරක සමාජ පිහිටුවීමට නියමිත බවද රුහුණු සංචාරක කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කරයි.



අදහස් (0)

දකුණේ පාසල් හැර යන සිසුන් සංචාරක ක්ෂේත්‍රයට යොමුකරවීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site