ආවරණ රහිත ලොරියකින් තේ කුඩු ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට ආවරණයක් නොමැතිව තේ කුඩු ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකු අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 07 November 2019
අල්ලස් ගත් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් අනුරාධපුර අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි වෙනස්කර සමථයකට පත් කිරිම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් අනුරාධපුරය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය අද (06) සිට අත් හිටුවා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. 07 November 2019
පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට බංගදෙනිය වෙහෙරකැළේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා මරාදැමූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු වැලිවේරිය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි. 07 November 2019
මදුරුවන් බෝවන නිවාස පවත්වාගෙන ගිය අයට දඩ මැසි මදුරුවන් බෝවෙන ආකාරයට නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 16දෙනෙකුට රුපියල් 24,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්.එම්.රෆික් මහතා අද (07) නියෝග කළේය. 07 November 2019
රන්බඩු - මුදල් සොරා ගත් පෙදරේරුවෙක් අත්අඩංගුවට අතුරුගිරිය පොලිස් වසමේ නිවාස හතරකට රාතී‍්‍ර කාලයේ දී සොරෙන් ඇතුළු වී රන් භාණ්ඩ සහ මුදල් සොරකමේ යෙදුණු බව කියන පෙදරේරුවකු සොරා ගත් රන් භාණ්ඩ ජංගම දුරකථන සහ මුදල් වලින් කොටසක් සමඟ අද (7) අනුරාධපුරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 07 November 2019
හාලිඇල ගින්නකින් දේපළ රැසකට හානි හාලිඇල නගරයේ නිවාස දෙකක සහ වෙළඳසැලක් අද (7) ඇති වූ හදිසි ගින්නකින් විනාශ වී ගොස් දේපළ රැසකට ගින්නෙන් හානි වී ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. 07 November 2019
බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යන්න ගිය නියාමකවරයකු අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 170, ග්‍රෑම් 27ක් සහ මිලිග්‍රෑම් 330ක මත්පෙති සහ ගංජා ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 370ක් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ බව කියන බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීහු පවසති. 07 November 2019
කටුදම්පේ දී ගිනිඅවිය ළඟ තබා සිටි තරුණයෙක් අත්අඩංගුවට රත්ගම පොලිසියේ නිලධාරින් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කටුදම්පේ ප්‍රදේශයේ දී ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 07 November 2019
අවුරුදු නවයක දැරියක් ටිපර් රථයකට යටවී මරුට වවුනියාව ,හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදී වයස අවුරුදු නවයක දැරියක් ටිපර් රථයකට යටවී අද (06) මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 06 November 2019
මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ අයෙක් අත්අඩංගුවට මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරු මුස්ලිම් ජාතික තරුණයෙක් අද (06) සැකපිට අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 06 November 2019
එජාප බෝධිරාජ මාවත පක්ෂ කාර්යාලයෙන් පැමිණිල්ලක් එක්සත් ජාතික පක්ෂට සහය දක්වමින් මාලිගාවත්ත බෝධිරාජ මාවතේ පවත්වාගෙන ගොස් තිබු පක්ෂ කාර්යාලයක සනීපාරක්ෂක තුවායක් එල්ලා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මාලිගාවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 06 November 2019
බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක්ට සිරදඬුවම් දොළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරිම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස් .නිස්සංක මහතා බරපතල වැඩ සහිත වසර හතක සිරදඬුවමක් සහ රුපියල් පහළොස් දහසක දඩයක් නියම කර වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමටද අද (6) නියෝග කළේය. 06 November 2019
මාතර-හම්බන්තොට අධිවේගයේ කොටසක් විවෘත කළැයි විරෝධයක් මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ, බරවකුඹුක - මත්තල කොටස පමණක් විවෘත කිරීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ගය දෙපස පදිංචිකරුවෝ බරවකුඹුක පිවිසුම අසළදී අද(06) විරෝධය පළ කළහ. 06 November 2019
මැතිවරණ රාජකාරීවලට බදුල්ලට 8750 ක් ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 8750ක සංඛ්‍යාවක් යොදවා ඇතැයි දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි. 06 November 2019
කොළඹින් සොරා ගෙන ආ සිගරට් ගාල්ලේ විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳසල් රැසක් බිඳ සොරකම් කරන ලද සිගරට් ගාල්ල ප්‍රදේශයේ වෙළඳසල්වලට අලෙවි කිරිමට රැගෙන පැමිණි සැකකරුවකු සිගරට් 60,000 ක් සමඟ අත්අඩංගුවට ගත් බව වාරය පොලිසිය පවසයි. 06 November 2019
රිවොල්වරයක්-උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට කරන්දෙණිය, මන්ඩකන්ද ප්‍රදේශයේ දී මිලි මීටර් 9 උණ්ඩ යෙදියහැකි රිවෝලවරයක් සහ උණ්ඩ 3 ක් සමඟ සැකකරුවෙකු ඇල්පිටිය පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 06 November 2019
තංගල්ල රෝහලේ හෙද - හෙදියෝ විරෝධතාවක හම්බන්තොට මහ රෝහලේ හෙද නිලධාරීන්ගේ වර්ජනයට සහය පළකරමින් අද(6) තංගල්ල මූලික රෝහලේ සියලු හෙද - හෙදියෝ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 06 November 2019
බලන්ගොඩ රක්ෂිතයක දැව කැපූ අයෙක් අත්අඩංගුවට බලන්ගොඩ විකිලිය ලෙලිසන් ආර රක්ෂිතයේ අනවසරෙන් දැව කැපූ අයෙකු අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 November 2019
නීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ 2 ක් අත්අඩංගුවට හලාවත උඩප්පුව මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක තිබි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාවේ වයඹ විධානයේ නිලධාරියෙකු පැවසීය. 05 November 2019
අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන අනුරාධපුරය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. 05 November 2019
රන් බිස්කට් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට රන් බිස්කට් හතක් තම සිරුරේ සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය. 05 November 2019
ලක්ෂ 5 ක දුම්වැටි සමඟ චීන කතක් දැලේ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (05) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 November 2019
ලක්ෂ 40 ක රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඉන්දියානු ජාතිකයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවක් රුපියල් ලක්ෂ 40 කට ආසන්න රන් භාණ්ඩ හා විදේශ මුදල් සොරාගෙන නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පැවසීය. 05 November 2019
අත්බෝම්බ 2ක් පාදුක්කේ ගෙවත්තකට දමා ගිහින් පාදුක්ක බෝපේ ගමගේවත්ත ප්‍රදේශයේ නිවසක ගෙමිදුලට කිසිවකු අත් බෝම්බ දෙකක් දමා ගොස් තිබියදී අද (05) සොයා ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 05 November 2019
හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් කෙරේ ගම්පහ හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමේ උත්සවය අද(05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි. 05 November 2019
මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ් බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ තැම්පතුකරුවන්ගේ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු කළමනාකාරිණිය නොවැම්බර් මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 ) දා නියෝග කළේය. 05 November 2019
වවුනියාවේ ලංවිම සේවකයෝ වීදි බසිති වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදුන් අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (05) විදුලිබල මණ්ඩලයේ සේවකයෝ විරෝධතාවක නිරත වූහ. 05 November 2019
බෝපෙ අයවැය විශේෂ සභාව කල් යයි බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා අයවැය, අද (5) කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රායෝගික නොවන බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් දැක්වීම හේතුවෙන් ජනාධිපතිවරණයෙන් පසු පවත්වන සභාවාරයකදී ඉදිරිපත් කිරීම සඳහා කල් තැබිණි. 05 November 2019
කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයට සම්මන්ත්රණ ශාලාවක් නිලධාරීහුම ඉදිකරගනිති කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයට අවශ්‍යව තිබු සම්මන්ත්රණ ශාලාවක් පොලිස් නිලධාරීන් විසින්ම ඉදි කර එය විවෘත කිරීමේ උත්සවය කිලිනොච්චිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 05 November 2019
ජලය ඉල්ලා හුරැළුවැව ගොවියෝ හඬා වැටෙති මහවැලි ජලාශ පිරී ඉතිරී වාන් දැමුවද තමන්ට ගොවිතැන් කර ගැනීම සඳහා හුරුළුවැව ජලාශයට ප්‍රමාණවත් තරම් ජලය ලබා නොදීම සම්බන්ධයෙන් හුරුළුවැව ගොවි ජනපදයේ ගොවීහු සිය විරෝධය පළකර සිටිති. 05 November 2019
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026