මුදල් වංචාවකට වැලිගම නගර සභා සේවකයකුගේ වැඩ තහනම් වැලිගම නගර සභාවේ කොම්පොස්ට් ව්‍යාපෘතිය හරහා වංචනිකව මුදල් ඉපයීම සම්බන්ධයෙන් නගර සභාවේ සේවකයකුගේ වැඩ අද (5) දින සිට තහනම් කළ බව වැලිගම නගර සභාවේ නගරාධිපති රේහාන් ජයවික්‍රම මහතා පැවසීය. 05 November 2019
මැතිවරණ ප්රචාරක පෝස්ටර් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් ආගරපතන නගරයට ආසන්න ස්ථානයක ජනාධිපතිවරණයට අදාල ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීම හේතුව නිසා ඔවුන් ශරීරි ඇප මත මුදාහැර ඇත. 04 November 2019
කරදියාන කසළ කන්ද අසළින් ඉවත් කළ පවුල් 15ක් විරෝධතාවක කරදියාන කසළ කන්ද අසළ සිට ඉවත් කළ පවුල් 15කට මාස 6ක් සඳහා ලබාදුන් කුලී මුදල් අවසන් බව කියමින් එම මුදල් ඉල්ලා පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක් අද(04) උදෑසන සිට කසළ ව්‍යාපෘති කාර්යාලය අසළට පැමිණ උද්ඝෝෂණයකව නිරත ව සිටිති. 04 November 2019
ගිනි අවියක් සමඟ තණමල්විලදී අයෙක් අත්අඩංගුවට තණමල්විල නිකවැව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි. 04 November 2019
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දියානු තරුණයෙක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (03) කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 November 2019
කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි විසි දෙලක්ෂයකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සිසිල් බීම ලොරියක සඟවා ගෙන යාපනය, වඩුක්කොඩෙයි ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී අද (03) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 November 2019
‘බදුල්ලේ වැඩිම ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ රජයේ ආයතනවල‘ ඌව පළාත පුරා යළිත් හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර බදුල්ල නාගරික සීමාව තුළද සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර බදුල්ල නගර සීමාවේ වැඩිම ඩෙංගු මදුරුවන් බිහිවන ස්ථාන ඇත්තේ රජයේ ආයතන ආශ්‍රිතව බව ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය වේ. 03 November 2019
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ගාල්ලෙන් පැමිණිලි 116 ක් ජනාධිපති මැතිවරණය ප්‍රකාශ කළ දින සිට අද (03) සවස 4.30 දක්වා මැතිවරණ පැමිණිලි 116 ක් ලැබී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 03 November 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හම්බන්තොට ගොන්නොරුව පාරේ පහළ අන්දරවැවදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීයෙකු සඳහන් කළේය. 03 November 2019
නීතිවිරෝධීව ආ ඉන්දීය ධීවරයන් 10 ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සදහන් කර සිටී. 03 November 2019
දිද්දෙණියෙහි නිවසක කාන්තාවකගේ මළ සිරුරක් බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවකගේ මළ සිරුරක් තිබී අද(03) සොයාගත් බව පොලිසිය කියයි. 03 November 2019
කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට විවිධ බීම වර්ග ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතා රහසිගතව රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 122 ක් යාපනය මාදගල් ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 November 2019
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 5ක් රෝහලේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අඟුලුගහ ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් ඊයේ(02) රාත්‍රියේ වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ඉමදුව පොලිසිය පවසයි. 03 November 2019
නීතිවිරෝධී ගව ඝාතනාගාරයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව එළ ගවයෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයෙකු සමග මස් කිලෝ 250ක පමණ තොගයක් ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේදී අද (02) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරිහු පවසති. 02 November 2019
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට මොනරාගල දඹගල්ල වැලිකටුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (2) අත්අඩංගුවට ගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි. 02 November 2019
ගාල්ලේ සාප්පු සංකීර්ණයක ගින්නක් ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොල අසල පිහිටි සාප්පු සංකීර්ණයක දෙවන මහලේ අද (01) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි ගාල්ල පොලිසිය කියයි. 01 November 2019
වීරකැටියේ සිදුවූ අනතුරකින් 2 ක් මරුට වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ රාජපක්ෂ ජාතික පාසල ආසන්නයේ දී අද (01) සවස සිදු වූ රිය අනතුරකින් සය හැවිරිදි පාසල් සිසුවකු හා දාහතර හැවිරිදි සිසුවියක් මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි . 01 November 2019
හෝටලයක අලංකරණය සඳහා හිරිගල් සවි කළ තිදෙනෙකුට දඩ දඩල්ලේ ඉදිකරගෙන යනු ලබන සංචාරක හෝටලයක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ චීන ජාතිකයෙකු ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් තිස් දහස බැගින් රුපියල් අනු දහසක දඩ නියම කර බිත්තිවලට සවිකර ඇති හිරිගල් ගලවා දමන ලෙස අද (01) නියෝග කළේය. 01 November 2019
පහර දී පුද්ගලයෙකු ඝාතනය කරලා පොළොන්නරුව කදුරුවෙල නගරයේ දී පුද්ගල පහරදීමකින් 65 හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. 01 November 2019
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 5 දෙනෙකු රෝහලට තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(01) බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. 01 November 2019
ගාල්ල බෝපෙ වෙළඳසැළක් ගිනිගනී ගාල්ල බෝපෙ දෙමහල් නිවසක පහත මාලයේ කොටසක පවත්වාගෙන ගිය වෙළඳසළක් අද (1) ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ගාල්ල පොලිසිය පවසයි. 01 November 2019
වැල්ලවායේ මාර්ගයක් අසළ අලියකුගේ මළ සිරුරක් වැල්ලවාය මොනරාගල මාර්ගය අසළ, ආනපල්ලම රක්ෂිත ප්‍රදේශයේ තිබී වන අලියෙකුගේ මළ සිරුරක් අද (31) සවස සොයාගත් බව වැල්ලවාය පොලීසිය පවසයි. 31 October 2019
සිසුන් අපයෝජනය කළ සංගීත ගුරුවරයා රිමාන්ඩ් පාසැල් සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද, දඹුල්ලේ පාසලක ගුරුවරයකු නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(31) නියෝග කළේය. 31 October 2019
‘ජනාධිපතිවරණයෙන් පසු නුවරඑළිය රංග පීඨයේ දේශපාලන රැස්වීම් පවත්වන්න බෑ‘ නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි එළිමහන් රංග පීඨයේ දේශපාලන රැස්වීම් පැවැත්වීමට ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ඉඩකඩ නොදීමට නුවරඑළිය මහා නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කර තිබේ. 31 October 2019
බලපත්‍ර නොමැතිව ඔසුසලක් පවත්වාගෙන ගිය අයෙකුට දඩ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ඔසුසලක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වරද පිළිගත් වෙළඳසැල් හිමියෙකුට මාතර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චම්පික රාජපක්ෂ මහතා අද (31) රුපියල් 75,000 දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය. 31 October 2019
මුදල් වංචා කළ බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස කොටස් කරන ලද රන් භාණ්ඩ උකසට තබා රුපියල් එක් කෝටි හාරලක්ෂ අනුදෙදහසක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව යාපනය මල්නාකම් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක හිටපු කළමනාකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 31 October 2019
පොලිස් අධිකාරීවරුන් 102කට උසස්වීම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු පොලිස් අධිකාරීවරුන් 102 කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 31 October 2019
වැස්සෙන් හම්බන්තොට 1976ක් පීඩාවට වැසි සහිත කාලගුණය හේතුවෙන් අද(31) වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 573ක පුද්ගලයන් 1976 දෙනකු පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 31 October 2019
වැස්සෙන් බදුල්ලේ 308 ක් පීඩාවට බදුල්ල දිස්ත්‍රික්කයට දින තුනක් පුරා නොකඩවා පතිත වූ වර්ෂාවත් සමඟ අද (31) වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 81ක පුද්ගලයන් 308 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 31 October 2019
කෝටියකට අධික කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය චුණ්ඩිකුලම් මුහුදු තීරයේ දී මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ රුපියල් එක් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 105 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු අද (31) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පලෙයි පොලීසිය පවසයි. 31 October 2019
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026