(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොල අසල පිහිටි සාප්පු සංකීර්ණයක දෙවන මහලේ අද (01) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් දෙවන මහාලේ පිහිටූවා තිබූ කෘතීම දන්ත කාර්මික ආයතනයකට හානි වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට ක්ෂණිකව කටයුතු කිරීම හේතුවෙන් ගින්න පැතිරීම පාලනය වි තිබේ.
මෙම ගින්නට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර පොලිසිය සැකකරන්නේ විදුලිය කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවයි.
ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd