IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

විවිධ බීම වර්ග ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතා රහසිගතව රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 122 ක් යාපනය මාදගල් ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මාදගල් සවුද්කාඩි ප්‍රදේශයේ ලොරි රථයක් අධික වේගයකින් ධාවනය කර ඇති අතර එහිදී ලොරි රථයට රැකවල් යොදා උතුරු නාවික විධානයේ සෙබලුන් විසින් පරික්ෂා කිරීමේදී ලොරි රථයේ බීම පෙටිටි තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ කේරල ගංජා තොගය සොයාගෙන ඇත.
 
බීම පෙට්ටිතුළ කේරල ගංජා පොහොර බෑග් 3 ක සඟවා තිබී ඇති අතර යාපනයේ සිට දකුණට ප්‍රවාහනය කිරීමට ජාවාරම් කරුවන් සැලසුම් බ කර තිබුණි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 20 ත් අතර වයසේ පසුවන අතර ඔවුන් යාපනය කීරමලේ හා මුලතිව් විෂ්වමඩු ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙයි.
 
ලොරි රථය සමග කෙරළ  ගංජා හා එවා ප්‍රවාහනය කරන ලද සැකකරුවන් යාපනය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.



අදහස් (0)

කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site