(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය චුණ්ඩිකුලම් මුහුදු තීරයේ දී මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ රුපියල් එක් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 105 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු අද (31) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පලෙයි පොලීසිය පවසයි.
පලෙයි පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කිලිනොච්චිය චුණ්ඩිකුලම් මුහුදු තීරයේ කරන ලද වැටලීමක දී ධීවර බොට්ටුවකින් ධීවර කටයුතුවල නිරත වන අයුරින් සැකකරුවකු කේරල ගංජා තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට පලෙයි පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd