IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 5ක් රෝහලේ

(ඩී.ජී.සුගතපාල සහ ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අඟුලුගහ ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් ඊයේ(02) රාත්‍රියේ වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ඉමදුව පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ විරකැටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 65 හැවිරිදි කාන්තාවෝ දෙදෙනෙකි. ළමයින් දෙදෙනෙකු ඇතුලු තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇත.
 
අනතුරට ලක්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකි.
 
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ළමයින් ඇතුලු  හත්දෙනෙකු ගමන්කර ඇතැයි පොලිසිය පවසයි.
 
ගාල්ලේ සිට අකුරැස්ස දෙසට ගමන් කරමින් තිබූ ත්‍රි රෝද රථය, ඊයේ රාත්‍රියේ අකුරැස්සේ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියේ ගැටී අනතුර සිදුව තිබේ.
 
මළ සිරුරු කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉමදුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site