(ටී.කේ.ජී.කපිල)
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (03) කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 36 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකි.
ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු පැවසීය.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 ව සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මේ මස 09 වැනිදින තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd