නාවුල නගරයත් ජලයෙන් යට වෙයි මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි නාඋල නගරය පැය දෙකකට අධික කාලයක් අද (28) ජලයෙන් යටවූ වී මාර්ග අවහිරයක් පැවැතිණි. 28 October 2019
මහනුවර - දොඩම්වල මාර්ගයේ ගමනාගමනයට බාධා මහනුවර - දොඩම්වල මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහවල් දොඩම්වල මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබිණ. 28 October 2019
ව්‍යාජ මුදල් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ් එකම අංකය සහිත රුපියල් දහසේ ව්‍යජ මුදල් නෝට්ටු හතරක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (28) දා නියෝග කළේය. 28 October 2019
රිය අනතුරින් කාන්තාවක් මරුට අනුරාධපුර, සිප්පුකුලම අඹගහවෙල ආසන්නයේදී අද(28) ජීප් රථයක් වෑන්රථයක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මිය ගොස් පුද්ගලයින් ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 28 October 2019
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි මේ දින වල පවතින මහ වැසි හේතුවෙන් දෙවැනි වරටත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබේ. 28 October 2019
කොහු වළකින් මළ සිරුරක් හමුවෙයි හලාවත, මුගුණුවටවන කරවිටාගාර වීර කැළේවත්ත ප්‍රදේශයේ කොහු සකස් කිරීමේ මට්ට වළක තිබී මළ සිරුරක් අද (28) හමුවූ බව හලාවත පොලිසිය කියයි. 28 October 2019
මල් වෙඩිල්ලක් පිපිරී අයෙක් මරුට දීපාවලී උත්සවය වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් පිපිරී සිව්දරු පියෙකු මියගොස් ඇතැයි මස්කෙළිය පොලිසිය පැවසීය. 28 October 2019
සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ආශ්රිත ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ලැබෙන වැසි හේතුවෙන් එහි ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ. ලියනගේ මහතා පැවසීය. 28 October 2019
පොලිස් සිර මැදිරියකදී පහර කෑ අයෙක් රෝහලේ සූරියවැව පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී අද (27) සිර කරුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 27 October 2019
ව්‍යාජ මුදල් නෝට්ටු සමග අයෙක් අත්අඩංගුවට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු හතරක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 October 2019
අණ නොතකා රිය ධාවනය කළ අයෙක් රිමාන්ඩ් පොලිස් නිලධාරීන් කළ අණට අනුව රිය නොනැවැත්වූ සහ බීමතින් රිය පැදවූ පුද්ගලයකු ඔක්තෝබර් 29 දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (27) නියෝග කළේය. 27 October 2019
පුද්ගලයකුට කෙටේරියකින් පහර දුන් අය රිමාන්ඩ් පුද්ගලයකුගේ හිසට පිහියකින් ඇණ සහ කෙටේරියකින් පහර දී බරපතල තුවාල කළ සැකකරුවෙකු නොවැම්බර් මස (07) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (27) දා නියෝග කළේය. 27 October 2019
නිවෙස්වලට කරදරයක් වූ පිඹුරා අල්ලා ගනී හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නිවෙස්වල සිටින කුකුළන් කාලයක සිට ගිලදැමූ පිඹුරෙකු අල්ලා මැදිරිගිරිය වනජිවි නිළධාරින්ට භාරදීමට ගම්වාසීන් කටයුතු කර තිබේ. 27 October 2019
රන්දියගම අපජලය ඉවත් කරයි වෙන්නප්පුව කොලින්ජාඩිය රන්දියගම ගම්මානයේ සතියකට ආසන්න කාලයක් බැස නොයා තිබූ ජලය ඉවත් කිරීමට අධි ධාරිතාවයෙන් යුත් අප ජලය ඉවත් කිරීමේ පොම්ප යොදා ගැනීමට අද (26) කටයුතු කර තිබුණි. 27 October 2019
බදුල්ල - කොළඹ මාර්ගය ලිස්සන සුළුයි පවතින වැසි හේතුවෙන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගය (ඒ4) ලිස්සන ස්වභාවයක් ගැනීමෙන් රිය අනතුරු කීපයක් වාර්තාවේ. 27 October 2019
පුද්ගලයකුට කෙටේරියකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට බලන්ගොඩ රාස්සගල වතුයායේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුගේ හිසට පිහියකින් ඇණ සහ කෙටේරියකින් පහරදීම හේතුවෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා අද (26) පෙරවරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහල වෙතට මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි. 26 October 2019
බණ්ඩාරවෙල නගර සභාවේ උප නගරාධිපති - නාගරික මන්ත්‍රීවරුන්ගේ සහය ගෝඨාභයට බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හැර උප නගරාධිපතිවරයා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් නව දෙනාම අද (25) පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් බණ්ඩාරවෙල නගරයේ පැවති ජන රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූහ. 25 October 2019
නීති විරෝධී වැලි ගබඩාවක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට හොරණ නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් වටලා රුපියල් ලක්ෂයකට ආසන්න වැලි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 25 October 2019
විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට විදේශීය දුම්වැටි තොගයක් කුවේට් සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ලාංකික ගුවන්මගියෙකු අද (25) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 25 October 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා ඇතුලු සැකකරුවන් 17දෙනා තවදුරටත් ලබන මස 8 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25)නියෝග කළේය. 25 October 2019
බෑණාගේ නැගණිය අපයෝජනය කළ මාමා රිමාන්ඩ් බෑණාගේ බාල වයස්කාර නැගණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාමා නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (25)නියෝග කළාය. 25 October 2019
සණස ගනුදෙනුකරුවෝ උද්ඝෝෂණයක රුපියල් කෝටි 350 කට අධික මුදල් තැන්පතු ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සණස ගනුදෙනුකරුවෝ පිරිසක් ගම්පහ දිස්ත්‍රික් සණස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද (25) දේව කන්නලව්වක් සහ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 25 October 2019
ගණිකා මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස හඟවා, කාන්තාවන් අලෙවිකිරීමේ යෙදුණු ස්ථානයක් වටලා කාන්තාවන් සිව්දෙනෙකු සමඟ එහි කළමනාකරු අද(25) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 25 October 2019
නීතිවිරෝධී ග්ලයිපොස්පේට් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබී තහනම් වල්නාශකයක් වන ග්ලයිපොස්පෙට් පොහොර පැකට් 458 ක් (කිලෝ 45ග්‍රෑම් 800) සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන අද (25) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 25 October 2019
ගවයකු මරා මස් කළ අයෙක් අත්අඩංගුවට පොළොන්නරුව තඹාල වැවඉස්මත්ත පෙදෙසෙහිදී ගවයකු මරා මස්කරමින් සිටි පුද්ගලයකු අද(25) අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි. 25 October 2019
වැස්සෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4326 ක් පීඩාවට වර්ෂාව හේතුවෙන් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4326 ක පුද්ගලයින් 15830 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 24 October 2019
දකුණු පළාතෙන් මැතිවරණ පැමිණිලි 190 ක් ජනාධිපතිවරණයට අදාලව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි. වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම සංඛ්‍යාව 109කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 40ක් ද මාතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 46ක් ද ලැබී ඇත. මෙම පැමිණිලි සියල්ල සුළු පැමිණිලි වන අතර බරපතල සිද්ධි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන් වේ. 24 October 2019
මහවැව ගම්මාන 12 ක් බේරා ගන්න තල්විල මෝය කපා දමයි මහවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජලයෙන් යට වී තිබූ ගම්මාන 12 ක් බේරා ගැනීමට තල්විල මෝය අද (24) කැපීමට කටයුතු කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 24 October 2019
වරද පිළිගත් අයෙකුට වසර 7 ක සිරදඬුවමක් බිරිඳ සමඟ අනියම් ඇසුරක් ඇතැයි සැක සිතා සිය බේකරියේ සේවය කළ අවිවාහක අයෙකුට පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරද පිළිගත් පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා වසර හතක බරපතල වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000 ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙස අද (24) නියෝග කළේය. 24 October 2019
ඉඩමකට ව්‍යාජ ඔප්පු සැකසූවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග තලෙයිමන්නාරමේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගත්තැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 24 October 2019
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026