IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


‘බදුල්ලේ වැඩිම ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ රජයේ ආයතනවල‘

(විජේරත්න රත්නායක)

ඌව පළාත පුරා යළිත් හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර බදුල්ල නාගරික සීමාව තුළද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර බදුල්ල නගර සීමාවේ වැඩිම ඩෙංගු මදුරුවන් බිහිවන ස්ථාන ඇත්තේ රජයේ ආයතන ආශ්‍රිතව බව ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය වේ.

ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු උවදුර පිටුදැකීමේ අරමුණින් අද (03) බදුල්ලේ පැවැති වැඩසටහනක් අමතමින් ඒ මහතා සඳහන් කළේ නගරයේ රාජ්‍ය ආයතන 29% කම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවයි.

බදුල්ල නාගරික සීමාවේ පිහිටි බැංකු හා වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් 5% ක්, පාසල් 8% ක්, නිවාස වලින් 9.6% ක්, රජයේ නිල නිවාස 11% ක්, කාණු ආදියේ 21% ක්, ආගමික සිද්ධස්ථානවලින් 25% ක්, වෙනත් විවෘත පොදු ස්ථාන  29% ක් හා රජයේ ආයතන 29% ක්ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහිත බව ආණ්ඩුකාරවරයා එහිදී පැවසීය.

මෙම තත්ත්වය මත පළාතේ සියලු රාජ්‍ය ආයතනවල අදාළ ආයතන ප්‍රධානියාගේ අධීක්ෂණයට යටත්ව ඩෙංගු මර්ධන නිලධාරියෙක් බැගින් පත් කිරීමට පියවර ගත් බවත් මින් ඉදිරියට ඒ ඒ ආයතනයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් එම නිලධාරියා වගකිව යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.



අදහස් (1)

‘බදුල්ලේ වැඩිම ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ රජයේ ආයතනවල‘

thilak Sunday, 03 November 2019 09:22 PM

එතකොට නඩු දාන්නේ, දඩ ගහන්නේ කාටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site