( තිළිණි ද සිල්වා )
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස ටෝලර් යාත්‍රා දෙකකින් පැමිණ ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදාවේ උතුරු නාවික විධානය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි එම දොපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමට ද නාවික හමුදාව පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් දස දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත බාරදීමට ද නාවික හමුදාව පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd