(ඩී.කේ.රත්න)
වැල්ලවාය මොනරාගල මාර්ගය අසළ, ආනපල්ලම රක්ෂිත ප්‍රදේශයේ තිබී වන අලියෙකුගේ මළ සිරුරක් අද (31) සවස සොයාගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
වයස අවුරුදු 15ත් -20ත් අතර අලියකු වන අතර, ප්‍රදේශවාසියකු අලියාගේ මළ සිරුර දැක පොලිසියට දන්වා තිබිණි.
මියගොස් ඇත්තේ වැල්ලවාය හඳපානාගල වැව් රක්ෂිතයේ සිට ගම්වදින වන අලියෙකු බව පොලීසිය කියයි.
අලියා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වැල්ලවාය පොලීසිය සහ වනජීවී නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd