(ඩි.ජී.සුගතපාල)
දඩල්ලේ ඉදිකරගෙන යනු ලබන සංචාරක හෝටලයක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ චීන ජාතිකයෙකු ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් තිස් දහස බැගින් රුපියල් අනු දහසක දඩ නියම කර බිත්තිවලට සවිකර ඇති හිරිගල් ගලවා දමන ලෙස අද (01) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ හාජා රවුෆ් හමිඩ්,මොහොමඩ් ස්මයිල් අබ්දුල් අසිස්සහ චීනජාතික යොන් ජියෝ ජුන් නමැති තිදෙනෙකුටය.
දඩල්ලේ ඉදිකරගෙන යනු ලබන සංචාරක හෝටල් ගොඩනැගිල්ලක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කර තිබෙන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෝටලයක අලංකරණය සඳහා හිරිගල් සවි කළ තිදෙනෙකුට දඩ
රවින් Saturday, 02 November 2019 04:36 AM
චීන ජාතිකයා කෙසේ වෙතත් නීතියට වංගු ගහන්න හැදුවාට අපේ දෙන්නවනම් දාන්න තිබුනේ අවුරුද්දකටවත් ඇතුලට කාලා වරෙන් කියලා.