(කේ.බුද්ධික කුමාරසිරි සහ එච්.එස්. ඒ. නන්දන)
පාදුක්ක බෝපේ ගමගේවත්ත ප‍්‍රදේශයේ නිවසක ගෙමිදුලට කිසිවකු අත් බෝම්බ දෙකක් දමා ගොස් තිබියදී අද (05) සොයා ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
එක් අත් බෝම්බයක් උදෑසන 10.00 ට පමණද අනෙක් අත් බෝම්බය දහවල් 1 .00ටද ගෙමිදුලට විසිකර ඇතැයි අනාවරණය වී ඇති අතර, එක් අත් බෝම්බයක ආරක්ෂිත යතුර කැඩී ගොස් ඇතැයිද පොලිසිය පවසයි.
තම ගෙමිදුලට කිසිවෙකු දෙවරකදී අත් බෝම්බ දමා ගිය බවට ඉඩමෙහි අයිතිකරුවන්ගෙන් ලද පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම අත් බෝම්බ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
බෝම්බ නිෂ්කී‍්‍රය අංශයේ නිලධාරීන් කැඳවා අත් බෝම්බ දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද පාදුක්ක පොලිසිය කියයි.
අත් බෝම්බ දෙක ගෙවත්තට දමා ගොස් ඇත්තේ, දේශපාලන කටයුත්තක් හේතුවෙන්ද, නැතහොත් පෞද්ගලික අමනාපකමක් හේතුවෙන්දැයි පිළිබදව පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අත්බෝම්බ 2ක් පාදුක්කේ ගෙවත්තකට දමා ගිහින්