(ඩී.ජී.සුගතපාල)
කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳසල් රැසක් බිඳ සොරකම් කරන ලද සිගරට් ගාල්ල ප්‍රදේශයේ වෙළඳසල්වලට අලෙවි කිරිමට රැගෙන පැමිණි සැකකරුවකු සිගරට් 60,000 ක් සමඟ අත්අඩංගුවට ගත් බව වාරය පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම ඕපාත වැල්ලකොරටුව පදිංචි යුද හමුදාවෙන් ඉවත් කරන ලද 26 හැවිරිදි සැකකරුවෙකි.
පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මහරගම, හෝමාගම, දෙහිවල ආදී ප්‍රදේශවල වෙළඳසල් රැසක් බිඳ සිගරැට් හා මුදල් සොරකම් කර ඇති අතර එසේ සොරකම් කරන ලද සිගරට් අලෙවි කිරීම සඳහා ගාල්ලට ගෙනැවිත් ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී වරාය පොලිස් වසමේ සිදු කරන ලද ගෙවල් බිඳුම් කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd