(සිතුම් චතුරංග)
වවුනියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදී හොරොව්පතාන සිට කිලිනොච්චිය දක්වා ගමන්ගත් කළුගල් පැටවූ ලොරි රථයකට වයස අවුරුදු නවයක දැරියක් යටවී අද (06) මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව තිරුණාවකුලම් පදිංචි සුරේෂ් කුලගේන්ද්‍රන් ප්‍රියාංගා නැමති වවුනියාව සයිවප්‍රකාශ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.
තම මව සමඟ නගරයට පැමිණ කුඩිරිප්පු මංසන්ධිය අසළදී දැරිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් ටිපර් රථයට පහරදී අලාභහානි කර ඇති බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd