(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඉන්දියානු ජාතිකයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවක් රුපියල් ලක්ෂ 40 කට ආසන්න රන් භාණ්ඩ හා විදේශ මුදල් සොරාගෙන නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පැවසීය.
නිවසේ අල්මාරි වල දමා තිබූ රන් භාණ්ඩ හා මුදල් රැගෙන මෙහෙකාරිය පලාගොස් ඇති බවට එම ඉන්දීය ජාතිකයා ඉකුත් 31 වැනිදා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය දින පහක් වැනි කෙටි කාලයකදී සැකකාරිය සොරාගත් දේපල ද සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකාර මෙහෙකාරිය සොරාගෙන තිබූ රන් භාණ්ඩ සියල්ල රුපියල් ලක්ෂ 10 ක් වැනි අඩු මුදලකට බොරැල්ලේ ස්වර්ණාභරණ අලෙවි සැලකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සොරාගත් ඇමෙරිකානු ඩොලර් මුදල් මාරු කර ඇති බවත් තවත් ඩොලර් 300 ක් සැකකාරිය සන්තකයේ තිබීයදී සොයාගත් බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd