IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යන්න ගිය නියාමකවරයකු අත්අඩංගුවට

(අනීෂා මානගේ)

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 170, ග්‍රෑම් 27ක් සහ මිලිග්‍රෑම් 330ක මත්පෙති සහ ගංජා ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 370ක් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ බව කියන බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයේ නියාමකවරයකු ලෙස සේවය කරමින් සිටි තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයට රැගෙන එන සියළුම රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සියළුම පුද්ගලයන් පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතර එලෙස පරීක්ෂා කිරීමේ දී සැකකරු හඳුනාගැනීමට හැකිව තිබේ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 170, ග්‍රෑම් 27ක් සහ මිලිග්‍රෑම් 330ක බරින් යුතු මත්පෙති 26ක් සහ කැඩුණු මත්පෙති 29ක් , ගංජා ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 370ක්, පෙන් ඩ්‍රයිව් උපකරණයක්, ජංගම දුරකතන බැට්රි දෙකක් සහ සිම් කාඩ්පතක් සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (0)

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යන්න ගිය නියාමකවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site