(සිරංගිකා ලොකුකරවිට)
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා අයවැය, අද (5) කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රායෝගික නොවන බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් දැක්වීම හේතුවෙන් ජනාධිපතිවරණයෙන් පසු පවත්වන සභාවාරයකදී ඉදිරිපත් කිරීම සඳහා කල් තැබිණි.
අයවැය යෝජනා තමන් වෙත ලැබුණේ දින හතරකට පෙර බවත් මේ දිනවල යෙදී ඇති මැතිවරණ කටයුතු හේතුවෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් කාර්යබහුලව සිටින බවත් එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසා සිටියහ. අයවැය යෝජනා නිසි ලෙස අධ්‍යයනය කිරීමට නොහැකි වූ බැවින් අද දිනයේ අයවැය සාකච්ඡාවට ගැනීම ප්‍රායෝගික නොවන බවත් අද සභාව අඩාලව කල්තබා ජනාධිපතිවරණයෙන් පසු දිනයක ඉදිරිපත් කිරීම සුදුසු බවත් එහිදී ඔවුහු පවසා සිටියහ.
සභාපතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනකු ද මෙම අදහස් වලට පක්ෂ වෙමින් ජනාධිපතිවරණයෙන් පසු දිනයක අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියහ.
කෙසේ වුවද සභාපති දිල්රුක් අබේකෝන් මහතා එයට විරුද්ධ වෙමින් කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය සහ ඉතාමත්ම වැදගත් කරුණක් බැවින් එය කිසිසේත්ම කල්දැමිය නොහැකි බවයි. යෝජනා අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබාදුන් කාලය ප්‍රමාණවත් බවත් අද අනිවාර්යයෙන්ම අයවැය යොජනා ඉදිරිපත් කිරීම කළයුතු බවත් හෙතෙම පවසා සිටියේ ය.
එහිදී මන්ත්‍රීවරුන් උක්ත කරුණ සම්බන්දව බෙදීමක් ඉල්ලා සිටීමට සූදානම් වූ නමුත් උපසභාපති සුමිත් ජයසේකර මහතා නැගී සිටිමින් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේ බෙදීමකට යෑම අනවශ්‍ය බැවින් සභාවේ මතයට ගරුකර සභාව කල්තැබීම සිදුකරන ලෙසයි.
ඒ අනුව සභාව අඩාලව කල්තබන බව සභාපතිවරයා විසින් පවසා සිටි අතර ජනාධිපතිවරණයෙන් පසු දිනයක පවත්වන විශේෂ රැස්වීමකදී අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය විය.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෝපෙ අයවැය විශේෂ සභාව කල් යයි