(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත උඩප්පුව මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක තිබි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාවේ වයඹ විධානයේ නිලධාරියෙකු පැවසීය.
නාවික හමුදාවේ පුත්තලම වයඹ නාවික විධානයට අයත් මුර සේවා යාත්‍රාවක් හලාවත උඩප්පුවට ආසන්න ගැඹුරු මුහුදෙහි යාත්‍රා කළ සැකකටයුතු ධීවර යාත්‍රාව ලුහු බැඳ ගොස් නවතා පරීක්ෂා කර තිබේ.
එම ධීවර යාත්‍රාව පරීක්ෂා කළ අවස්ථාවේ දී යාත්‍රාවේ සඟවා තිබු බීඩි කොළ කිලෝ 600 ක් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුල්මුඩේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයන් පදිංචි අවුරුදු 26 ක් හා 31 ක් වයසැති පුද්ගලයන් බව එම නිලධාරියා පැවසීය.
බීඩි කොළ තොගය හා සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණයන් සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අයත් මුන්දලම සින්නපාඩුව කාර්යාලය වෙත භාර දි ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ 2 ක් අත්අඩංගුවට