IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වවුනියාවේ ලංවිම සේවකයෝ වීදි බසිති

(රොමේෂ් මධුෂංඛ)
 
වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදුන් අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (05) විදුලිබල මණ්ඩලයේ සේවකයෝ විරෝධතාවක නිරත වූහ.

විදුලිබල මණ්ඩලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන වව්නියාව පොලිස් කොට්ඨාස සංකීරණය තෙක් ගමන් කොට එහි සංකීරණය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
 
ආච්චිපුරම් ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි විදුලිබල මණ්ඩලයේ පිරිසකට ඊයේ (04)  ගම්මානයේ පිරිසක් පහරදීම හේතුවෙන් සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහලගත කෙරිණි. තත්වය සොයා බැලීමට ගිය වවුනියාව විදුලි අධිකාරී දිලිප් කුමාර් නැමත්තාටද පහරදීම හේතුවෙන් ඔහුද රෝහල්ගත කෙරුණි.
 
සේවකයින්ගෙන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇති බවට වවුනියාව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.
 
වරදකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් ඉදිරියේදී විදුලිබල මණ්ඩල සේවකයින් වැඩවර්ජනයකට සූදානම්ව සිටින බවටත් එසේ වුවහොත් මැතිවරණ කටයුතු දැඩි බාධාවක් වන බවත් විදුලි බල මණ්ඩල සේවකයෝ පොලීසියට දැනුම් දුන්හ.
 
පහරදීමට සමබන්ධ තවත් සැකකරුවන් පිරිසක් සැඟව සිටින බවත්, මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි සියලු දෙනා ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.
 
විරෝධතාවයේ නිරත වූ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු, පැය 24 ක කාලයක් තුළ පහරදීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත් පොලිසිය පැවසීය.



අදහස් (1)

වවුනියාවේ ලංවිම සේවකයෝ වීදි බසිති

රවින් Tuesday, 05 November 2019 08:58 AM

කපන්න පළාතටම විදුලිය. මහජනයා විසින්ම මැරයෝ ටික පොලිසියට ගෙනවිත් දෙයි. තව පොඩ්ඩක් පණිවිඩය ඇරියොත් මහජනයා විසින්ම කට්ටියම වාට්ටුවට යවයි. වැරදි වැඩේ කරලත් චන්ඩිකම් පෙන්නනවානම් එකම විසඳුම පොදුජනයා විසින්ම චන්ඩින් නොන්ඩි ගැස්සවීමයි. පොලිසියේ මහත්වරු නෝනලා ඔය වැඩේ කරන්න ගියොත් වැඩ නැති මානව හිමිකම්කාරයෝ උඩ පනින්න පටන් ගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site