(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ වැඩිදුර කැණීම් සිදුකිරීමේදී මිනිස් හිස් කබළක් ඇතුළු තවත් අස්ථි කොටස් කීපයක් සහ ඇදුම් හමුවීමත් සමඟ ඒ ස්ථානයේ ඉදිරි දිනයන්හීත් කැණීම් කටයුතු සිදු කරන මෙන් මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හා පොලීසියට නියෝග කර තිබේ.
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබු මිනිස් ඇටසැකිලි හමුවු ස්ථානයේ පසුගිය දිනයන්හි මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීඑස්.ඉලන්ගෝවන් මහතා ඇතුළු පිරිසගේ අධීක්ෂණයෙන් කැනීම් කරනු ලැබිණි.
අදාළ ස්ථානයේ තිබි මිනිස් හිස් කබලක්, ඇතුළු අස්ථි කොටස් කිහිපයක් හා ඇදුමක කොටස් කිහිපයක් ගොඩගත් බවත්, තවදුරටත් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කර ඇත.
මුලතිව් පුදුකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය ඉඩම වගාවන් වෙනුවෙන් සකස් කිරීමේදී අදාළ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් නිරීක්ෂණයෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු සිදුකෙරිණි.
මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,මානව හිමිකම් නියෝජිතයින්, පුදුකුඩිඉරිප්පු නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ ස්ථානය කැණිම් කළ බවද පොලිසිය පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මුලතිව් සුගන්දිපුරම් ප්‍රදේශයේ වැඩිදුර කැණීම් අරඹයි