IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අණ නොතකා රිය ධාවනය කළ අයෙකුට දඩ

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය ධාවනය කර,  චෝදනා  5කට වරදකරුවෙකු  වු පුද්ගලයකුට රුපියල්  95,000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) නියෝග කළේය.                 

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඔලුගන්තොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස දඩ නියම විය.                                                                                                                                                                                                        
බීමතින් රිය පැදවීම, අපරික්ෂාරී රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැති වීම, ආදායම් බලපත්‍රයක් නොමැති වීම  සහ රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය යන චෝදනා යටතේ  මොහු  වැරදිකරු විය.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 26 දා එම මාර්ගයේ ධාවනය කළ මෙම මෝටර් රථය නැවැත්වීමට සංඥා කර තිබිණි. අණ නොතැකූ එහි රියදුරු රථය අතුරු මාර්ගයක දමා පලායාමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී නිලධාරීන්ව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
 
බලන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ඩි.එන්.එල්.සේනානායක  මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ  නිමන්ත (70664 )  මෙම රියැදුරු බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.



අදහස් (1)

අණ නොතකා රිය ධාවනය කළ අයෙකුට දඩ

Harshan chanaka Wednesday, 20 April 2022 05:10 PM

අණ නොතකා ධාවනය කරාට කොච්චර දඩ ගහනවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site